Tuesday, October 20, 2015

Without Bake Chocolate Mousse Cake





  • Ingredients :
  1. ඔරියෝ (oreo) බිස්කට් 200 g
  2. දිය කරගත් බටර් 50 g
  3. හෙවි ක්‍රීම් කෝප්ප1/2 ක්
  4. සීනි කෝප්ප 1 ක්
  5. ජෙලටීන් 10 g ක්
  6. බිත්තර 4 ක් කහ මදය හා සුදුමදය  වෙනම
  7. ඩාර්ක් චොක්ලට් 300 g
  8. ඔයිල් පෙපර් එකක්

  • Method :
මුලින්ම ඩාර්ක් චොක්ලට් උණු කර ගන්න එය උණු කරගන්න අතර තුර බිත්තර සුදුමද සහ සීනී කෝප්ප බාගයක් දම හොදින් බීට් කරගන්න පෙන එනතුරු බීට් කරගත් පසු එයද පසෙක තබන්න.දැන් ඔරියෝ බිස්කට් ටික හොදින් ග්‍රයින්ඩ් කර ගන්න.එසේ ග්‍රයින්ඩ් කර ගත් බිස්කට් දිය කරගත් බටර් සමග මිශ්‍ර කරගන්න.ඔයිල් පෙපර් කේක් තැටි රවුමකට දමන්න එයට දැන් මිශ්‍ර කරගත් බිස්කට් මිශ්‍රණය හොදින් දමන්න එසේ දමා එය විනාඩි 30 ශීතකරණයේ පහල කොටසේ තබන්න.දැන් කහ මද,ඉතිරි සීනි කෝප්ප බාගය සහ හෙවි ක්‍රීම් එකට දමා හොදින් බීට් කර ගන්න ඒ අතර තුරු ජෙලටීන් උණුකර බීට් කර ගන්නා මිශ්‍රණයට එකතු කරන්න පෙන එනතුරු බීට් කර ගන්න.දැන් දිය කරගත් චොක්ලට් වලට බීට් කර ගත් බිත්තර සුදු මදය එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.පසුව එයටම කහ මද බීට් කර ගත් මිශ්‍රණය දැන් එකතු කරන්න.එයද හොදින් මිශ්‍ර කර  ගන්න.පසුව ශීතකරණයේ ඇති බිස්කට් මිශ්‍රණය එලියට ගන්න එයට මිශ්‍ර කරගත් චොක්ලට් මිශ්‍රණය එය මතට දමා ශීතකරනයේ රැයක් තබන්න.පසුව දා එලියට ගෙන මයික්‍රෝවෙව් එක 200F රත්කර 100F අඩු වූ පසු එයට ශීතකරණයෙන් ගත් මොස් කේක් එක එය තුලට දමා විනාඩියකින් එලියට ගන්න එසේ මයික්‍රෝවෙව් එකට දමන්නේ ලේසියෙන් ගලවා ගැනීමට.දැන් ඔබේ චොක්ල්ට් මෝස් කේක් එක සූදානම්...!!!



No comments:

Post a Comment