- Ingredients :
- For the dough :
- ප්ලේන් පිටි කෝප්ප 1/2 ක්
- දිය කර ගත් යෝගට් ටිකක්
- රස අනුව ලුණු
- බේකින් සෝඩා තේ හැදි 1/4 ක්
- බේකින් පවුඩර් තේ හැදි 1/4 ක්
- කෑලි මිරිස් තේ හැදි 1 ක්
- ගම්මිරිස් තේ හැදි 1 ක්
- For Instant Sauce :
- තක්කාලි මේස හැදි 2 ක්
- ලූණු තේ හැදි 1/4 ක්
- අඹරා ගත් සුදුළූණු තේ හැදි 1/8 ක්
- ගම්මිරිස් තේ හැදි 1/4 ක්
- කෑලි මිරිස් තේ හැදි 1/4 ක්
- For Topping :
- ළූණු ගෙඩියක් සිහින්ව කපා
- පොඩියට කපා ගත් මාළුමිරිස් කරල් 1 1/2 ක්
- මොසරැල්ලා චීස් ග්‍රේට් කරගත් කෝප්ප 1 1/2 ක්
- තෙල් මේස හැදි 1 ක්
- Method :
- For The Dough :
මුලින්ම බදුනක් ගෙන එයට ඩොග් එක සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය දමා යෝගට් වලින් මිශ්‍ර කර ගන්න ඩෝග් එක හොදින් සකස් කර ගත් පසු එය හොදින් පැතලි කර එය තෙල් ටිකක් ගා ගත් තාච්චියක දමා එය මතින් පිගානක් තපා වැලි සහිත බර දෙයක් තබා එක් පැත්තක් විනාඩි 5-6 ත් අතර පිසෙන්නට දෙන්න.අනෙක් පැත්තත විනාඩි 5-6 ත් අතර පුළුස්ස ගන්න.
- For Instant Sauce :
තක්කාලි සෝස් එකට Instant Sauce එකට අවශ්‍ය කරන සියල්ල එකට දමා හොදින් මිශ්‍ර කරන්න.පසුව මුලින් පිස සකස් කර ගත් පීසා ඩෝග් එක උඩට සකස් කරගත් instant sauce අතුර ගන්න.
- Topping Putting :
සෝස් ගා සකස් කරගත් පීසා එක උඩට මොසරැල්ලා චීස් ටිකක් දමන්න.පසුව ළූණු දමන්න.පසුව මාළුමිරිස් දමන්න.පසුව මොසරැල්ලා චීස් ටික උඩට දමන්න.එසේ සකස් කර ගත් පීසා එක නැවත තාච්චියක දමා විනාඩි 5-6 ක් පමණ පිස ගන්න.ඔබේ පීසා එක සූදානම්...!!!!
No comments:
Post a Comment