Monday, October 26, 2015

Choco Bar Without Ice Cream Maker 



  • Ingredients :
  1. විපින් ක්‍රීම් කෝප්ප 1 ක්
  2. වැනිලා එසන්ස් තේ හැදි 2 ක්
  3. මිලික් චොක්ලට් කොප්ප 1/2 ක්
  4. කුඩු කර ගත් සීනි කෝප්ප 1/4 ක්
  5. කිරි කෝප්ප 1 1/4 ක්
  6. කිරි පිටි කෝප්ප 1/2 ක්
  7. රට කජු කිහිපයක්

  • Method :

විපින් ක්‍රීම් හොදින් බීට් කර ගන්න පෙන එනතුරු බීට් කර ගන්න.පසුව එයට වැනිලා,කිරි,කිරි පිටි සහ සීනි කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න පසුව එය පැය 3-4 ක් තබන්න.
පසුව ඔබ චොක්ලට් ටික ගෙන හොදින් දිය කර ගන්න පසුව අයිස් ක්‍රීම් බාර් අච්චු ගෙන එයට දිය කරගත් චොක්ලට් අතුර ගන්න පසුව එයට රට කජු අතුරන්න.එසේ අතුර ගත් පසු එය විනාඩි 2-3 ක් ශීතකරණයේ උඩ කොටසේ දමන්න.

එසේ විනාඩි 2-3 කින් පසු එළියට ගත් අයිස් ක්‍රීම් අච්චු වලට සදා ගත් අයිස් ක්‍රීම් දමන්න පිරෙන්නා නොදමන්න.පසුව එය පැය 2-3 ක් ශීතකරණයේ උඩ දමා ගන්න.

පසුව එම අච්චු වතුර බදුනකට දමා ටික වේලාවකින් එළියට ගෙන හිමීට ගලව ගන්න.
ඔබේ චොකෝ බාර් සූදානම්...!!!



No comments:

Post a Comment