Wednesday, October 28, 2015

Easy Chicken Biriyani





  • Ingredients :
  1. සම්බා හෝ බාස්මති 1 kg
  2. පොඩියට කපා ගත් කුකුළු මස්  1 kg
  3. පොඩියට කපා ගත් ළූණු ගෙඩි 3 ක්
  4. අඹරා ගත් සුදුළූණු මේස හැදි 2 ක්
  5. අඹරා ගත් ඉගුරු මේස හැදි 2 ක්
  6. පොඩියට කපා ගත් තක්කාලි 100 g
  7. Knorr Chicken කැට 3 ක්
  8. කහ කුඩු මේස හැදි 1 ක්
  9. මිරිස් කුඩු මේස හැදි 1 ක්
  10. සූදුරු මේස හැදි 1 ක්
  11. එනසාල් 5-6 ක්
  12. කරාබු නැටි 5-6 ක්
  13. කුරුදු පොත්තක්
  14. පොඩියට කපා ගත් කොත්තමල්ලී කොළ කෝප්ප 1 ක්
  15. රස අනුව ලුණු
  16. යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1 ක්
  17. රම්පා සහ කරපිංචා ටිකක්
  18. බටර් ටිකක්

  • Method :
බදුනක් ලිප තබා එයට බටර් දමන්න එය දිය වු පසු එයට ළූණු,ඉගුරු,සුදුළූණු,එනසාල්,කරාබුනැටි,සූදුරු,රම්පේ,කරපිංචා සහ කුරුදු එකතු කර ටික වේලාවක් පිස ගන්න.
                 පසුව එයට කුකුළු මස් එකතු කරන්න ටික වේලාවකින් එයට කොත්තමල්ලී කොල එකතු කරන්න පසුව ටික වේලාවකින් මිරිස් කුඩු,කහ එකතු කරන්න.පසුව එයට යෝගට් සහ මුදවපු කිරි සහ Knorr Chicken කැට එකතු කරන්න.පසුව එයට හාල් සහ වතුර එකතු කරන්න බත ඉදෙන්න ඇති තරමට දමා හොදින් බත ඉදෙන්න දෙන්න.ඔබේ චිකන් බිරියානි එක සූදානම්...!!!



No comments:

Post a Comment