- Ingredients :
For cake :
- තිරිඟු පිටි 125 g
- ප්ලේන් පිටි 150 g
- කොකෝ පවුඩර් 50 g
- බේකින් පවුඩර් 10 g
- සීනි 225 g
- වැනිලා එසන්ස් තේ හැදි 1 ක්
- තෙල් මේස හැදි 9 ක්
- වතුර 350 ml
For chocolate fudge topping :
- දියකර ගත් බටර් 50 g
- තෙල් මේස හැදි 3 ක්
- අයිසිං සීනි 250 g
- කොකෝ පවුඩර් මේස හැදි 2 ක්
- කිරි මේස හැදි 1-2 ක්
- පොඩියට කඩා ගත් කජු 100 g
- Method :
For Cake :
මුලින්ම ප්ලේන් පිටි, තිරිඟු පිටි සහ බේකින් පවුඩර් එකට මිශ්ර කරන්න.පසුව එයට සීනි සහ වැනිලා එසන්ස් එකතු කර මිශ්ර කරන්න.පසුව වතුර සහ තෙල් දමා හොදින් බීට් කරන්න ක්රීම් එකක් වනතුරු බීට් කර ගන්න සියල්ල හොදින්.පසුව කේක් තැටියක් ගෙන ඔයිල් පේපර් බටර් පොඩ්ඩක් ගා ගන්න එය තැටියට දමා පසුව බීට් කරගත් මිශ්රණය එයට දමන්න.පසුව 160°C විනාඩි 45 ක් පුළුස්ස ගන්න.
For Chocolate Fudge Topping :
දිය කර ගත් බටර් සහ කිරි එකට දමා හොදින් මිශ්ර කර ගන්න.පසුව අයිසිං සීනි සහ කොකෝ පවුඩර් එකතු කර්ස් හොදින් බීට් කරන්න.
පසුව සකස් කරගත් කේක් එක ගෙන සකස් කරගත් චොක්ලට් අයිසිං එක ගෙන කේක් එකේ හොදින් තවරන්න පසුව එය උඩට කජු ටික ඉසින්න.ඔබේ Eggless Chocolate Cake එක සූදානම්...!!!!
No comments:
Post a Comment