- Ingredients :
- නූඩ්ලස් පැකට් 1 ක් (හරිෂ්චන්ද්ර නුඩ්ලස් වඩා හොදයි)
- ලුණු සහ ගම්මිරිස් එකට දම බීට් කරගත් බිත්තර 2 ක්
- ලොකු ළූණු ගෙඩියක් පොඩියට කපා
- කහ කුඩු තේ හැදි 1/2 ක්
- ළූණු කොළ ගහක් එකක් පොඩියට කපා
- රම්පේ
- අඹරා ගත් ඉගුරු මේස හැදි 1 ක්
- Knorr කුකුළු සුප් කැට 1 ක්
- බටර් මේස හැදි 2 ක්
- Method :
බදුනකට වතුර 1l දමන්න එයටම කහ කුඩු සහ ලුණු ටිකක් එකතු කරන්න එය උතුරණ විට නුඩ්ල්ස් පැකට් එක එකතු කරන්න පසුව විනඩි කිහිපයක් එය පිසෙන්නට දෙන්න.නුඩ්ල්ස් පිසුන පසු වතුර පෙරා එය පසක තබන්න.
බදුනක් ලිප තබා එයට බටර් එකතු කරන්න බටර් දිය වු පසු ළූණු,රම්පේ,ඉගුරු සහ ළූණු කොළ එයට එකතු කරන්න.පසුව රන්වන් පැහැය වන තුරු බැදගන්න.පසුව බිත්තර එකතු කර හොදින් බැද ගන්න පසුව නුඩ්ල්ස් සහ ගම්මිරිස් එකතු කර හොදින් පිස ගන්න හොදින් කළවම් කර පිස ගන්න.ඔබේ නුඩ්ල්ස් එක සූදානම්...!!!
No comments:
Post a Comment