Tuesday, October 20, 2015

Bacon & Vegetable Noodles (Quick & Easy Meals)





  • Ingredients :
  1. පිස ගත් නුඩ්ලස් 500 g
  2. ළූණු කොල කොප්ප 1/2 ක්
  3. ග්‍රේට් කර ගත් කැරට් කොප්ප 1 ක්
  4. මාළු මිරිස් කොප්ප 1/2 ක්
  5. පොඩියට කපා ගත් සුදුළූණු මේස හැදි 1 ක්
  6. සිහින්ව කපා ගත් ගොවා කොප්ප 1 ක්
  7. පොඩියට කපා ගත් ළූණු ගෙඩියක්
  8. බේකන් කෝප්ප 2 ක් කුඩාවට කපා ගෙන
  9. සෝයා සෝස් මේස හැදි 2-3 ක්
  10. රස අනුව ලුණු සහ ගම්මිරිස්

  • Method :

බදුනක් ලිප තබා එය රත් වු පසු බේකන් එකතු කරන්න තෙල් දමන්න එපා මොකද බේකන් වල අවශ්‍ය පමණ තෙල් ඇත විනාඩි කිහිපයකින් පසු කැරට්,ළූණු කොළ,ළූණු,ගොවා සහ මාළු මිරිස් දමා හොදින් පිස ගන්න විනාඩි 5 ක් පිසුන පසු ගම්මිරිස් එකතු කරන්න.පසුව ලුණු ටිකක් එකතු කරන්න වැඩිය එකතු කරන්නෙපා බේකන් වල ලුණු තිබේ එය මතක තබා ගන්න.ටික වේලාවකින් නුඩ්ල්ස්  එකතු කර විනාඩි 10 ක් පිස ගන්න හොදින්.ඔබේ නුඩ්ලස් එක සූදානම්...!!!



No comments:

Post a Comment