- Ingredients :
- ගී තෙල් තේ හැදි 2 ක්
- එනසාල් 3 ක්
- කරාබු නැටි 3 ක්
- කුරුදු පොත්තක්
- ගම්මිරිස් ඇට ටිකක්
- බාස්මති හාල් කෝප්ප 3 ක්
- උතුරවා ගත් උණු වතුර කෝප්ප 7 ක්
Fish Masala Ingredients :
- පොඩියට කපා ගත් මාළු 200 g
- චිලි පේස්ට් තේ හැදි 2 ක්
- කහ කුඩු තේ හැදි 1 ක්
- සිහින්ව කපා ගත් ළූණු ගෙඩියක්
- අඹරා ගත් ඉගුරු සහ සුදුළූණු තේ හැදි 3 ක්
- ග්රේට් කරගත් තක්කලි 50 g
- ගරම් මසාලා තේ හැදි 1 ක්
- මුදවපු කිරි තේ හැදි 2 ක්
- කොත්තමල්ලී කොළ පොඩියට කපා කෝප්ප 1/2 ක්
- මින්ට් කොළ ඉත්තක්
- මිටි කිරි 50 ml
- මාළු බැදීමට තෙල්
- වියළි මිදි 50 g
- රන්වන් පැහැය වන තුරු බැද ගත් ළූණු 25 g
- Method :
බදුනක් ලිප තබා එයට ගී තෙල් දමන්න.පසුව එයට එනසල්,කරාබු නැටි,කුරුදු සහ ගම්මිරිස් ඇට එකට දමා විනඩි 2-3 ක් හොදින් බැද ගන්න.පසුව එයට ළූණු ගෙඩියක් එකතු කරන්න විනාඩී කිහිපයක් බැදගන්න.පසුව එයට බාස්මති හාල් ටික එකතු කර විනාඩි 5 ක් හොදින් බැදගන්න.පසුව එයට උණුවතුර ටික එකතු කර පිසෙන්නට හරින්න.
මාළු ටික ගෙන එයට මිරිස් කුඩු,කහ කුඩු සහ ලුණු එකතු කර හොදින් මිශ්ර කර පැයක් තබන්න.
එසේ පැයක් තබා ගත් මාළු ටික ගැඹුරු තෙලේ බැද ගන්න.දැන් සෝස්පෑන් එකක් ලිප තබා එයට මාළු බැදගත් තෙල් ටිකක් දමා ඉතිරි ළූණු ගෙඩිය දමා ටික වේලාවක් බැද ගන්න පසුව එයට ඉගුරු,සුදුළූණු,අමු මිරිස්,තක්කාලි,මුදවපු කිරි,ගරම් මසාලා,මිටි කිරි,කොත්තමල්ලී කොළ සහ ලුණු එකතු කර ගන්න විනාඩි 2 ක් පිස ගන්න.පසුව පිස ගත් බත් සහ මාළු එකතු කර හොදින් මිශ්ර කරන්න.විනාඩි 2කින් බාගන්න.ඔබේ Fish Biryani එක සූදානම්...!!!!

No comments:
Post a Comment