- Ingredients :
- වාටි කපාගත් පාන් පෙති 7-8 ක්
- Knorr උබලකඩ පැකට් 2 ක්
- සිහින් ව කපා ගත් ළූණු ගෙඩියක්
- සිහින් ව කපා ගත් මිරිස් 3-4 ක්
- සිහින් ව කපා ගත් කරපිංචා මේස හැදි 2 ක්
- කෑලි මිරිස් මේස හැදි 2 ක්
- තිරිගු පිටි 150 g
- බිත්තර 1 ක්
- කහ කුඩු මේස හැදි 1 ක්
- වතුර මිශ්‍ර කිරීමට අවශ්‍ය ප්‍රමාණයට
- ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය ප්‍රමාණයට
- Method :
පිරිසිදු වියළි බදුනක් ගෙන තෙල්,පාන් සහ වතුර හැර සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් කළවම් කරන්න.පසුව ටිකින් ටිකින් වතුර දමා ක්‍රීම් එකක් වන සේ මිශ්‍රණය සකස් කර ගන්න.බදුනක් ලිප තබා තෙල් දමන්න.පසුව සකස් කරගත් මිශ්‍රණය ගෙන පාන් පෙති මත අතුර වන්න (සෑම පැත්තටම විසිරෙන ආකාරයට තවරා ගන්න.)පසුව රත් වු තෙල් බදුනට එකින් එක මිශ්‍රණය තැවරූ පාන් පෙති දමන්න.රන්වන් පැහැය වන තෙක් බැද ගන්න.ඔබේ රසවත් SPICY BREAD BITES සුදානම්...හවස තේ වෙලාවට සුදුසු Snack එකක්..!!!!
No comments:
Post a Comment