- Ingredients :
- පනීර් චීස් කෝප්ප 1/2 ක් (මෙහි පනීර් චීස් සාදන අකාරය මුලුන් සදහන් කර ඇත.)
- තෙල් මේස හැදි 1 ක්
- මහදුරු තේ හැදි 1 ක්
- රස අනුව ලුණු
- ග්‍රේට් කරගත් තක්කාලි 2 ක්
- ග්‍රේට් කරගත් ළූණු ගෙඩියක්
- මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
- කහ කුඩු තේ හැදි 1/4 ක්
- කොත්තමල්ලී කුඩු තේ හැදි 1 ක්
- මිටි කිරි කෝප්ප 1/2 ක්
- කොත්තමල්ලී කොළ පොඩියට කපා තේ හැදි 2-3 ක්
- සීනි තේ හැදි 1/2 ක්
- Method :
බදුනක් ලිප තබා එයට තෙල් එකතු කරන්න එය රත් වු පසු එයට මහදුරු එකතු කර පසුව ටික වේලාවකින් ළූණු එකතු කරන්න එය රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට තක්කාලි එකතු කර නැවත පිස ගන්න.පසුව එයට මිරිස් කුඩු,කහ කුඩු,කොත්තමල්ලී කුඩු,සීනි සහ ලුණු එකතු කර නැවත හොදින් පිස ගන්න.විනාඩි 2-3 කින් පසු එයට කොටුවට කපා ගත් පනීර් එකතු කර විනාඩි 1-2 ක් පිස එයට කිරි එකතු කරන්න විනාඩි 5 ක් හොදින් පිස ගන්න.පසුව එය බාගන්න.එය උඩින් කොත්තමල්ලී කොළ ඉසින්න.ඔබේ පනීර් ව්‍යංජනය සූදානම්...!!!
No comments:
Post a Comment