Sunday, October 25, 2015

Butter Garlic Naans Without Oven and Tandoor



  • Ingredients :
  1. පේලේන් පිටි කෝප්ප 2 ක්
  2. මිශ්‍ර කිරිමට අවශ්‍ය පමණ උණු වතුර
  3. යීස්ට් මේස හැදි 1/2 ක්
  4. සීනි මේස හැදි 1 ක්
  5. තෙල් මේස හැදි 1 ක්
  6. රස අනුව ලුණු
  7. සුදුළූණු කෝප්ප 1/3 ක් (බාගයක් අඹරා සහ බාගයක් ග්‍රේට් කර)
  8. පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ මේස හැදි 3 ක්
  9. බටර් ගා ගැනීමට අවශ්‍ය පමණ

  • Method :
මුලින්ම බදුනක් ගෙන එයට වතුර ටිකක්,යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කර එය පසක තබා වෙනම බදුනක් ගෙන පිටි,ලුණු,යීස්ට්  මිශ්‍රණය සහ තෙල් එකතු කර එයට උණුවතුර කෝප්ප 3/4 ක්  එකතු කර හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එකක් සදා ගන්න.එසේ සකස් කරගත් ඩෝග් එක රෙද්දකින් වසා පැයක් තබන්න.
             පැයකින් පසුව මේසය උඩට ගෙන සුමුදු මිශ්‍රණයක් වන තෙක් රබර් එකක් සේ ඇද ඇද හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එක සුමුදු කරන්න.
                    පසුව ඩොග් එකෙන් කොටසක් ගෙන හොදින් රවුම් කර එක මේසය උඩ තබා පැතලි කර පසුව එයට අඹරා ගත් ගත් සුදුළූණු සහ පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ හොදින් ගා ගන්න.එසේ ගා ගත් පසු එයටම බටර් ගා ගන්න.
                    රොටි තැටියක් ලිප තබා එයට සකස් කර ගත් රොටියේ බටර් ගා ගත් පෙදෙස දමන්න එය පිම්බෙයි එවිට එය ගෑස් උදුනේ ගින්දරින් පොඩ්ඩක් පුච්චන්න.



             පසුව අනෙක් පෙදෙස හරවා බටර් ගා එයත් පිපෙන විට පුච්චන්න.පසුව බා ගත් පසුත් බටර් ගා ගන්න.ඔබේ නාන් රොටිය සූදානම්...!!!




No comments:

Post a Comment