Friday, October 16, 2015

Potato Balls (Quick and Easy)





  • Ingredients :



  1. අල ගෙඩි 500 g
  2. රස අනුව ලුණු
  3. ගම්මිරිස් රස අනුව
  4. බටර් 50 g
  5. බිත්තර කහ මද 2 
  6. පාන් පිටි 250 g
  7. බිස්කට් කුඩු 250 g
  8. ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් (ඔලිව් ඔයිල් නම් ගොඩක් රසවත්)
  9. බිත්තරයක් හොදින් ගසා ගන්න.




  •  Method :
මුලින් ම අල හොදින් තම්බා ගන්න.පසුව අල සුද්ද කරන්න පසුව කෑලි කපා පිරිසිදු බදුනකට දමා ගන්න එයට බටර්,ලුණු සහ ගම්මිරිස් එකතු කර ගෑරප්පුවක් ගෙන හොදින් පොඩි කරගන්න.පසුව එයට කහ මද එකතු කරන්න පසුව එය හොදින් පොඩි කරන්න.පසුව මිශ්‍රණය පැය 2 ක් ශිතකරණයේ පහළ කොටසේ දමන්න.

               පැය 2 කට පසු මේස හැන්දක් ගෙන මිශ්‍රණයෙන් මේස හැන්දක් ගන්න එය රවුම් කර ගන්න පසුව පිටි තවර ගන්න.පසුව ගසාගත් බිත්තර මිශ්‍රණයේ තවරන්න.පසුව බිස්කට් කුඩු මත තවරන්න නැවත හොදින් රවුම් කරන්න.සියලූම අල මිශ්‍රණයෙන් අල බෝල ඉහත කී අකාරයෙන් කරන්න.තෙල් දමා බදුනක් ලිප තබන්න.තෙල් රත් වූ පසු සකස් කරගත් අල බෝල දමා රන්වන් පැහැය වනතුරු බැද ගන්න.ඔබේ අල බෝල සූදානම්.


Watch Recipe Video Now ; Potato Balls
                   

No comments:

Post a Comment