- Ingredients :
- කුකුළු මස් කෑලි කපා 600 g
- කපා ගත් තක්කාලි ගෙඩි 4 ක්
- කපා ගත් ළූණු ගෙඩියක්
- සුදුළූණු බික් 6 ක්
- ඉගුරු අගල් 1 ක්
- අමු මිරිස් කරල් 2 ක්
- මිරිස් කුඩු මේස හැදි 1 ක්
- කරි කුඩු තේ හැදි 1 1/2 ක්
- කහ කුඩු පොඩ්ඩක්
- එනසාල් 3-4 ක්
- කුරුදු පොතු
- රම්ප සහ කරපිංචා
- කරාබු නැටි 3 ක්
- මිටි කිරි කෝප්ප 1 ක්
- වතුර කෝප්ප 1 ක්
- Method :
මුලින්ම කපා ගත් ළූණු,තක්කාලි,සුදුළූණු,ඉගුරු සහ අමු මිරිස් එකට දමා හොදින් බේලෙන්ඩ් කර ගන්න.එම මිශ්රණය පසක තබා.බදුනක් ලිප තබන්න එයට තෙල් දමා රත් වෙන්නට හැර එයට කරපිංචා,රම්පා,එනසාල්,කරබුනැටි සහ කුරුදු පොතු දමා හොදින් තෙම්පරාදු කර ගන්න.පසුව එයට බේලෙන්ඩ් කරගත් මිශ්රණය එකතු කරන්න විනඩියක් පිස එයට මිරිස් කුඩු,කහ සහ කරි කුඩු එකතු කරන්න නැවත හොදින් පිස ගන්න පසුව එයට මස් ටික එකතු කරන්න.පසුව එයට වතුර සහ කිරි එකතු කර වසා මද ගින්නේ වතුර සහ කිරි හිදෙන තුරු විනඩි කිහිපයක් පිස ගන්න.ඔබේ Spicy Chicken Curry එක සූදානම්...!!!
No comments:
Post a Comment