Wednesday, October 21, 2015

EASY NASI GORENG



  • Ingredients :
  1. තෙල් 50 ml
  2. අමු මිරිස් රතු පාට 8 ක්
  3. සුදුළූණු බික් 8 ක් හොදින් අඹරා
  4. අගල් 1 ක් දිග ඉගුරු කැබැල්ලක් හොදින් අඹරා
  5. ළූණු ගෙඩියක් සිහින්ව කපා
  6. බිත්තර 3 ක්
  7. පොඩි ඉස්සන් 200 g
  8. දැල්ලෝ සිහින් ව කපා 200 g
  9. සිහින් ව කපා ගත් 200 g
  10. පිසගත් බාස්මති 800 g
  11. Knorr Chicken Powder Mix පැකට් 2 ක්
  12. සෝයා සොස් මේස හැදි 4-5 ක්
  13. තක්කාලි සෝස් 50 ml
  14. රස අනුව ලුණු සහ ගම්මිරිස්
  15. ළූණු කොළ පොඩියට කපා කොප්ප 1/2 ක්

  • Method :
මුලින්ම අමු මිරිස්,ළූණු,ඉගුරු සහ සුදුළූණු බේලෙන්ඩරයර දමා හොදින් පේස්ට් එකක් වන සේ බේලෙන්ඩ් කර ගන්න.බදුනක් ලිප තබා තෙල් රත් වෙන්නට හැර බේලෙන්ඩ් කර ගත් පේස්ට් එක දමා බැද ගන්න ( දුඹුරු පැහැය වනතුරු නොබදින්න ) සුවදක් එනතුරු හොදින් පිස ගන්න.බිත්තර 2 ක් ලාවට ගසාගෙන එය පිසෙන මිශ්‍රණයට එකතු කරන්න හොදින් පිස ගන්න.පසුව එයට ඉස්සො,දැල්ලෝ සහ කුකුළු මස් එකතු කර විනාඩියක් හොදින් බැද ගන්න.විනාඩියකින් පසු සෝයා සොස්,ළූණු කොළ,තක්කාලි සොස් සහ Knorr Chicken Powder Mix එකතු කර විනඩියක් පිස ගන්න.පසුව පිසගත් බාස්මති එකතු කරන්න විනඩි 1-2 ක් පිස ගන්න.බිත්තරයක් ගෙන එය Half boil කර ගන්න.ඔබේ නාසි ගුරානි එක සූදානම්...!!!!



No comments:

Post a Comment