Sunday, October 18, 2015

Butter Chicken Curry in 20 Minutes




  • Ingredients :
  1. කටු රහිත කුකුළු මස් 250 g
  2. සිහින්ව කපාගත් ළූණු ගෙඩි 2 ක්
  3. සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
  4. තක්කාලි සොස් මේස හැදි 1 ක්
  5. බටර් මේස හැදි 1 ක්
  6. අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු තේ හැදි 1 ක බැගින්
  7. කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
  8. මිරිස් කුඩු මේස හැදි 1 ක්
  9. ගරම්මසාලා තේ හැදි 1 ක්
  10. මින්ට් කොළ සිහින්ව කපා මේස හැදි 1 ක්
  11. කිරි කෝප්ප 1 ක්
  12. වියළි කජු කුඩු කරගෙන තේ හැදි 3 ක්
  13. රස අනුව ලුණු
  14. කහ කුඩු තේ හැදි 1/4 ක්
  15. කොත්තමල්ලී කොළ මිටක් සිහින්ව කපා 

  • Method :
බදුනක් ලිප තබා එයට බටර් දමන්න එය දිය වු පසු ළූණු ටික දමන්න රන්වන් පැහැය වනතුරු බැදගන්න.එය බැදුන පසු එයටම සුදුළූණු,ඉගුරු,කොත්තමල්ලී කුඩු,මිරිස් කුඩු,කහ සහ ලුණු එකතු කරන්න එය හොදින් පිස ගන්න පසුව එයට තක්කාලි සහ තක්කාලි සෝස් එකතු කර විනාඩි 2-3ක් හොදින් පිසෙන්නට දෙන්න.මින්චි කොළ,කිරි,කුකුළු මස් ටික දමා බදුන වසා විනාඩි 8-10 ක් හොදින් පිසගන්න ඝණ මිශ්‍රණයක් වනතුරු පිසගන්න.පසුව බදුනේ පියන හැර විනාඩි 2 ක් පිස ගන්න.පසුව ගරම්මසාලා,කජු කුඩු එකතු කර පිස ගන්න හොදින් පිසුන පසු  එයට උඩින් කොත්තමල්ලී කොළ උඩින් දමන්න.ඔබේ Chicken Butter සුදානම්..!!!


No comments:

Post a Comment