Wednesday, October 14, 2015

QUICK CHICKEN AND EGG DROP SOUP




  • Ingredients :
  1. පොඩියට කපාගත් කුකුළු මස් 300 g
  2. Knorr කුකුළු සුප් කැට 3 ක්
  3. සිහින් ව කපා ගත් ළූණු ගෙඩි එකක්
  4. සිහින් ව අඹරා ගත් සුදුළූණු බික් 2 ක්
  5. බිත්තර 3 ක්
  6. වතුර ලීටර 1 1/4 ක්
  7. ඇස්ට්‍රා මේස හැදි 1 ක්
  8. ලයිට් සෝයා සෝස් මේස හැදි 2 ක්
  9. රස අනුව ලුණු හා සුදු ගම්මිරිස් 


  • Method :
බදුනක් ලිප තබා එයට ඇස්ට්‍රා දමා එය දිය වු පසු ළූණු සහ අඹරා ගත් සුදුළූණු දමා රන්වන් පැහැය වනතුරු තෙම්පරාදු කරන්න.ඉන්පසු එයට පොඩියට කපාගත් කුකුළු මස් දමා රන්වන් පැහැය වනතුරු තෙම්පරාදු කරන්න.පසුව එයට වතුර, knorr කුකුළු සුප් කැට සහ සෝයා සොස් දමා විනාඩි 5 ක් පිසගන්න.
               බිත්තර තුන හොදට ගසා ගන්න එය පිසගත් මිශ්‍රණයට එකතු කරන්න.විනඩි 5 ක්  හොදින් පිස ගන්න.
ඔබේ සුප් එක සූදානම්...!!!!


                              

No comments:

Post a Comment