- Ingredients :
- පාස්තා කෝප්ප 1 ක්
- වතුර කෝප්ප 3 ක්
- සිහින්ව කපා ගත් ළූණු කෝප්ප 1/4 ක්
- සිහින්ව කපා ගත් තක්කාලි කෝප්ප 1/4 ක්
- අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු තේ හැදි 1 බැගින්
- අමු මිරිස් කරලක් පොඩියට කපා
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- චිලි සෝස් තේ හැදි 1 ක්
- ගරම් මසාලා තේ හැදි 1/4 ක්
- තිරිගු පිටි මේස හැදි 1 ක්
- ප්ලේන් කිරි මේස හැදි 3 ක්
- තෙල් මේස හැදි 2 ක්
- රස අනුව ලුණු
- කොත්තමල්ලී කොළ කිහිපයක්
- Method :
බදුනක් ලිප තබා එයට් වතුර කෝප්ප 3 දමා එය හොදින් උතුරන්න දෙන්න එය උතුරන විට පාස්තා ටික එකතු කරන්න.එය හොදින් පිස ගන්න එය හොදින් සුමුදු වු පසු එය බාගෙන හොදින් පෙරා ගන්න.එය පෙරෙන්නට හැර වෙනම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත් වන්නට හැර එයට ළූණු,සුදුළූණු,ඉගුරු සහ අමු මිරිස් රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව තිරිගු පිටි එකතු කර විනාඩියක් පිස ගෙන එයටම තක්කාලි,කිරි,මිරිස් කුඩු,ගරම් මසාලා,ලුණු සහ චිලි සෝස් එකතු කර නැවත පිස ගන්න.ටික වේලාවකින් පාස්තා එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න විනාඩියක්.පාස්ත එක ලිපෙන් බාගෙන පිගානකට දමා එය උඩට කොත්තමල්ලී කොළ වලින් සරස ගන්න.ඔබේ පාස්තා එක සුදානම්...!!!
No comments:
Post a Comment