Thursday, October 29, 2015

Orange Pudding




  • Ingredients :
  • For The Orange Pudding:
  1. බටර් 50 g
  2. අයිසිං සීනි 60 g
  3. දොඩන් ගෙඩියේ ලේල්ල ග්‍රේට් කර තේ හැදි 1 ක්
  4. ප්ලේන් පිටි 30 g
  5. කහ මදය සහ සුදුමදය වෙන වෙනම වෙන්කර බිත්තර 1 ක්
  6. කිරි 140 ml
  7. දොඩම් යුෂ මේස හැදි 3 ක්

  • For the sauce :
  1. බටර් 50 g
  2. සීනි 50 g
  3. දොඩම් ගෙඩියක යුෂ
  4. මී පැණි මේස හැදි 2 ක්
  5. දෙහි යුෂ තේ හැදි 1/4 ක්

  • Method :
For the pudding :

මුලින්ම බටර් සහ අයිසිං සීනි එකට දමා හොදින් මිශ්‍ර කරන්න.හොදින් මිශ්‍ර වු පසු එයට දොඩම් ලෙලි සහ පිටි එකතු කර හොදින් මිශ්‍ර කරන්න.එයට දොඩම් යුෂ එකතු කරන්න.පසුව බිත්තර කහ මදය එකතු කර හොදින් මිශ්‍ර කරන්න.ටික වේලාවක් මිශ්‍ර කරගත් පසු එයට සුදුමදය එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න.මයික්‍රෝවේව් බෝල් එකක් ගෙන එයට සකස් කර ගත් මිශ්‍රණය එකතු කරන්න.පසුව එය මයික්‍රෝවේව් එකේ 250 (°C)  විනාඩි 10 ක් පිස ගන්න.

  • For The Sauce :
බදුනක් ලිප තපා එයට බටර් එකතු කර ගන්න එය දිය වු පසු එයට සීනි එකතු කර සීනි දිය වනතුරු හොදින් මිශ්‍ර කරන්න.පසුව එයට දොඩම් යුෂ සහ මී පැණි එකතු කර නැවත හොදින් මිශ්‍ර කරන්න.ඝණ මිශ්‍රණයක් වන තුරු මිශ්‍ර කරන්න.පසුව එයට දෙහි යුෂ එකතු කර මිශ්‍ර කරන්න.දැන් ඔබේ සෝස් එක සූදානම්.
                      ඔබේ පුඩින් එක උඩට සෝස් එකතු කරන්න දැන් ඔබේ දොඩම් පුඩින් එක සූදානම්...!!!!


No comments:

Post a Comment