- Ingredients :
- පොඩි මැගී පැකට් 1 ක්
- සිහින්ව කැපු පොඩි ළුණු ගෙඩියක්
- සිහින්ව කැපු පොඩි තක්කාලි ගෙඩියක්
- සිහින්ව කැපු ළුණු කොළ තේ හැදි 2 ක්
- සිහින්ව කැපු මාළු මිරිස් තේ හැදි 2 ක්
- සෝයා සොස් මේස හැදි 1/2 ක්
- රෙඩ් චිලී සෝස් තේ හැදි 1 ක්
- ඉගුරු සහ සුදුළුණු පොඩිකර තේ හැදි 1/4 ක්
- රස අනුව ලුණු
- තෙල්
- තම්බා ගත් කුකුළු මස් 150g (පොඩියට කපා ගන්න)
- චපාති හෝ රොටි
- Method :
මැගී නුඩ්ලස් එක සුපුරුදු පරිදි සකස් කර ගන්න.පසුව එය පැත්තකින් තබා බදුනක් ලිප තබන්න.එයට ඉගුරු සහ සුදුළුණු රන්වන් පැහැය වනතුරු තෙම්පරාදු කරගන්න.පසුව එයට සිහින්ව කපා ගත් ළුණු එයට එකතු කරගන්න මද වෙලාවක් එය පිස ගන්න.පසුව එයට තක්කාලි,මාළු මිරිස් සහ ළූණු කොල එකතු කරන්න එය මද වෙලාවක් පිස ගන්න.පසුව එයට මැගී එක එකතු කරන්න.පසුව එයට සෝයා සොස් සහ චිලී සොස් එකතු කරන්න.කුකුළු මස් ටික එකතු කර පිස ගන්න.පසුව නුඩ්ලස් මිශ්රණය චපාති/රොටි එකට දමා රෝල් කර ගන්න.ඔබේ කෑම වේල සුදානම්..!!!
No comments:
Post a Comment