- Ingredients :
- මාළු මිරිස් කොප්ප 1/4 ක්
- තම්බා ගෙන පොඩිකරගත් අල කෝප්ප 1/4 ක්
- අමු මිරිස් කරල් 2 ක් සිහින කපා ගන්න
- කොත්තමල්ලි කොළ සිහින්ව කපා මේස හැදි 2 ක්
- සිහින්ව කපා ගත් ළූණු කොප්ප 1/4 ක්
- ග්රේට් කර ගත් මොසරැල්ලා චීස් කොප්ප 1/4 ක්
- ගම්මිරිස් කුඩු
- තල ඇට මේස හැදි 1 ක්
- බටර්
- රස අනුව ලුණු
- දෙහි යුෂ තේ හැදි 1 ක්
- පාන් පෙති 4 ක්
- Method :
බදුනක් ගෙන මාළු මිරිස්,අල,කොත්තමල්ලී කොළ,ළූණු,මොසරැල්ලා චීස්,ලුණු,අමු මිරිස්,දෙහි සහ ගම්මිරිස් එකට දමා හොදින් මිශ්ර කරන්න.එය පසක තබා පාන් පෙති 2 ක් ගෙන එකකට මිශ්ර කරගත් මිශ්රණය දමන්න.පසුව අනිත් පාන් පෙත්ත එය මත තබා හොදින් තද කරන්න පසුව එය මතට හොදින් බටර් ගා ගන්න.පසුව එය මතට තල ඇට ඉසින්න.පසුව සොස් පෑන් එකක් ලිප තබා රත් වු පසු සැන්විච් එක ගෙන බටර් ගෑ පාන් පෙත්ත යටට හිටින සේ තබා එය මතට පිගානක් තබා පිගාන උඩින් බරක් තබන්න.විනාඩි 2 ක් හොදින් පිසුන පසු උඩ පාන් පෙත්තටද බටර් ගා ගන්න එය මතට තල ඉසින්න පසුව එය සොස් පෑන් එක යටට හිටින සේ හරවන්න.නැවතත් පෙර සේ පිගානක් උඩ තබා එය මත බර දෙයක් තබන්න.එයත් විනාඩි 2 ක් පිස ගන්න.ඔබේ සැන්විච් එක සූදානම්...!!!
No comments:
Post a Comment