Thursday, October 22, 2015

Deviled Soya




  • Ingredients :
  1. සෝයා මීට් පැකට් 1 ක්
  2. ලොකු ළූණු ගෙඩියක් අගලක් වන සේ කෑලි කපා ගන්න
  3. ලොකු තක්කාලි ගෙඩියක් පොඩියට කපා 
  4. මාළු මිරිස් දෙකක් කොටුවට කපා
  5. කෑලි මිරිස් මේස හැදි 1 ක්
  6. මිරිස් කුඩු තේ හැදි 1 ක්
  7. රස අනුව ලුණු
  8. තක්කාලි සෝස් මේස හැදි 1 1/2 ක්
  9. සෝයා සෝස් තේ හැදි 1 ලක්
  10. අඹරා ගත් සුදුළූණු බික් 2 ක්
  11. අඹරා ගත් ඉගුරු පොඩි කෑල්ලක්
  12. තෙල් ටිකක්

  • Method :
මුලින්ම සෝයා මීට් ටික උණුවතුරට දමා විනඩි 10 ක් තබන්න.පසුව සෝයා මීට් වල වතුර මිරිකා ඉවත් කර සෝයා මීට් බදුනකට දමා වෙන් කර ගන්න.බදුනක් ලිප තබා එයට තෙල් මේස හැදි 2 ක් දමන්න.එය රත් වු පසු කෑලි මිරිස්,ළූණු,සුදුළූණු,ඉගුරු,මිරිස් කුඩු දමා විනාඩි 2 ක් බැද ගන්න.පසුව එයට සෝයා මීට්,මාළු මිරිස්,තක්කාලි,සෝයා සෝස්,ගම්මිරිස් සහ ලුණු එකතු කර පිස ගන්න.පසුව තක්කලි සෝස් එකතු කරන්න.පසුව විනාඩියක් හොදින් පිස ගන්න.ඔබේ ඩෙවල් සෝයා එක සුදානම්...!!!!!



No comments:

Post a Comment