Sunday, October 18, 2015

Mushroom And Soya Biryani (Vegetable)


  • Ingredients :
  1. පොඩියට කපා ගත් හතු 500 g
  2. සෝයා කෝප්ප 1 ක්
  3. බාස්මති කොප්ප 2 ක්
  4. සිහින්ව කපාගත් ළූණු ගෙඩි 1 ක්
  5. සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 2 ක්
  6. ඉගුරු සහ සුදුළූණු අඹරා සකස් කර ගත් මිශ්‍රණය මේස හැදි 2 ක්
  7. කොත්තමල්ලී කොළ කොප්ප 1/4 ක්
  8. මින්චි කොළ 1/4 ක්
  9. අමු මිරිස් කරල් 3 ක් සිහින්ව කපා ගන්න.
  10. තෙල් මේස හැදි 3 ක්
  11. දුන්තෙල් මේස හැදි  3 ක්
  12. පොල් කිරි කොප්ප 1/2 ක්
  13. වතුර කොප්ප 3 ක්
  14. යොගට් මේස හැදි  2 ක්
  15. රස අනුව ලුණූ
  16. මිරිස් කුඩු තේ හැදි 2 ක්
  17. කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
  18. මහදුරු කුඩු තේ හැදි 1/2 ක්
  19. කහ කුඩු තේ හැදි 1/4 ක්
  20. ගරම්මසාලා ( බේ ලිෆ්  1 ක්,පොඩි කුරුදු පොතු 2 ක්,කරාබු නැටි 5 ක්,එනසල් 3 )

  • Method :
පොඩියට කපා ගත් හතු සර්වියට් එකක් ගෙන හොදින් පියද ගන්න කිසි සේත් වතුරෙන් පිරිසිදු කරන්නෙපා.බාස්මති හාල් සහ සෝයා වෙනවෙනම උණුවතුරේ පෙගෙන්නට හරින්න.පසුව බදුනක් ලිප තබා තෙල් සහ දුන්තෙල් එකට දමා හොදින් රත් වන්නට හැර එයට ගරම්මසාලා එකතු කරන්න හොදින් බැද ගන්න පසුව එයට ළූණු එකතු කරන්න එය හොදින් රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට අමු මිරිස්,කොත්තමල්ලී කොළ සහ මින්ට් කොළ එකතු කරන්න ටික වේලාවක් පිස ගත් පසු එයට ඉගුරු සහ සුදුළූණු එකතු කරන්න පසුව හොදින් පිස ගන්න.පසුව හතු සහ වතුර පෙරාගත් සෝයා එකතු කරන්න ටික වේලාවක් පිස ගත් පසු එයට කහ කුඩු,මිරිස් කුඩු,කොත්තමල්ලී කුඩු,යෝගට්,පොල් කිරි,මහදුරු කුඩු සහ ලුණු එකතු කරන්න හොදින් පිස ගන්න.පසුව වතුර සමග බාස්මති හාල් එකතු කර පිසෙන්නට ඉදෙන්නට හරින්න ටික වේලවකින් ඔබේ බිරියානි එක සුදානම්..!!!!


No comments:

Post a Comment