- Ingredients :
- කපා ගත් පොලොස් 500 g
- රතු ළූණු 25 g
- අමු මිරිස් කපා ගත් කරල් 3-4 ක්
- උබලකඩ තේ හැදි 3 ක්
- සුදුළූණු අඹරා තේ හැදි 1 ක්
- ඉගුරු අඹරා තේ හැදි 1 ක්
- රම්පේ සහ කරපිංචා
- බැදපු මිරිස් කුඩු
- බැදපු කරි කුඩු තේ හැදි 2 ක්
- රස අනුව ලුණු
- ගොරකා 3-4 ක්
- මිටිකිරි කෝප්ප 4 ක්
- තෙල් ටිකක්
- Method :
මුලුන්ම කපා ගත් පොලොස් සහ ගොරකා එකට දමා හොදින් මිශ්ර කරන්න එය පසක තබන්න.බදුනක් ලිප තබා එයට තෙල් දම රත් වු පසු රතුළූණු,සුදුළූණු,ඉගුරු,කරපිංචා,රම්පේ,අමුමිරිස් සහ උබලකඩ එකතු කර හොදින් බැද ගන්න.පසුව එයට මිරිස් සහ කරි කුඩු එකතු කරන්න තත්පර කිහිපයකින් පසු පොලොස් මිශ්රණය එකතු කරන්න හොදින් මිශ්ර කරන්න පසුව කිරි සහ ලුණු ටික එකතු කරන්න හොදින් හැදි ගා ගන්න.එය හොදින් හිදෙන්න දෙන්න පොලොස් ඇඹුල හොදින් හිදුන පසු බාගන්න.ඔබේ පොලොස් ඇඹුල සූදානම්...!!!!!
No comments:
Post a Comment