- Ingredients :
- පාස්තා කොප්ප 1 ක්
- තෙල් තේ හැදි 1 ක්
- බටර් මේස හැදි 1 ක්
- පොඩියට කපා ගත් ළූණු 1/4 ක්
- පොඩියට කපා ගත් සුදුළූණු බික් 2 ක්
- හතු පොඩියට කපාගත් කොප්ප 1/4 ක්
- කැරට් හා මාළු මිරිස් කොප්ප 1/4 ක්
- ගෝවා මල් කොප්ප 1/4 ක්
- හාල් පිටි කෝප්ප 1 ක්
- උණු කිරි කොප්ප 1 ක්
- සාදික්කා එකක් ගේට් කර
- ෆ්රෙෂ් ක්රීම් කොප්ප 1/4 ක්
- කෑලි මිරිස් තේ හැදි 1 ක්
- වතුර කොප්ප 4 ක්
- රස අනුව ලුණු
- Method :
මුලින්ම වතුර දමා රත් වන්නට හැර එයට පාස්තා එකතු කරන්න.පාස්තා සකස් වී ඇද්දැයි සැරෙන් සැරේ බලන්න පාස්තා සැකසුන පසු වතුර පෙරා පසක තබන්න.
වෙනත් බදුනක් ලිප තබා එයට තෙල් දමන්න තෙල් රත් වු පසු එයට බටර් දමන්න.බටර් දිය වු පසු එයට ළූණු,සුදුළූණු,කැරට්,මාළුමිරිස්,ගොවා මල් දමා හොදින් පිස ගන්න එයට කිරි එකතු කරන්න ටික වෙලාවක් පිස ගන්න.පසුව එයට හාල් පිටි එකතු කරන්න හොදින් පිස ගන්න.ෆ්රෙෂ් ක්රීම් එකතු කරන්න.එයට සාදික්කා කුඩු,කෑලි මිරිස් සහ ලුණු එකතු කරන්න.විනාඩි 5 ක් හොදින් පිස ගන්න.ඔබේ පාස්තා එක සූදානම්...!!!
No comments:
Post a Comment