Saturday, October 31, 2015

Coffee Milkshake




  • Ingredients :
  1. නෙස්කැෆේ මේස හැදි 1 ක්
  2. උණුවතුර කෝප්ප 1/4 ක්
  3. සීනි මේස හැදි 3-4 ක්
  4. සිසිල් කිරි කෝප්ප 2 ක්
  5. අයිස් කැට 6-7 ක්

  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩර් කර ගන්න හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව වීදුරු වලට දමා ගන්න.ඔබේ Coffee Milkshake එක සූදානම්...!!!!


Rose Lassi Drink





  • Ingredients :
  1. යෝගට් කෝප්ප 1 1/2 ක්
  2. අයිස් වතුර කෝප්ප 1 ක්
  3. අයිස් කැට 6-8 ක්
  4. වියළි රෝස පෙති 10-12 ක්
  5. නැවුම් රෝස පෙති 5-6 ක්
  6. රෝස වතුර තේ හැදි 2 ක්
  7. රෝස සිරප් මේස හැදි 3 ක්
  8. සීනි මේස හැදි 2-3 ක්

  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව සරස ගන්න කජු ටිකක් උඩින් දමා ගන්න.


Indian Gobi Ki Paratha






  • Ingredients :
For The Dough :
  1. ආටා පිටි කෝප්ප 3 ක්
  2. වතුර කෝප්ප 1 ක්
  3. රස අනුව ලුණු
  4. ගී (ghee) හෝ බටර් 
For The Stuffing :
  1. ග්‍රේට් කර ගත් මල්ගෝවා 200 g
  2. හීනියට කපා ගත් අමු මිරිස් කරල් කිහිපයක්
  3. ගරම් මසාල පොඩ්ඩක්
  4. මිරිස් කුඩු රස අනුව
  5. ලුණු පොඩ්ඩක්
For Roasting Paratha :
බටර් හෝ ගී පරාතා රෝස්ට් කර ගන්න.

  • Method :
For The dough ;

Dough එක සාදාගැනීමට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර සුමුදු ඩෝ එකක් සකස් කර ගන්න එය වසා පැයක් තබන්න.

For The Stuffing :
 
බදුනක් ගෙන stuffing එකට අවශ්‍ය සියළු දේ එකට දමා හොදින් කලවම් කරන්න.

පසුව සාදාගත් ඩෝ එක ගෙන එය පැතලි කරගන්න.
පසුව එයට stuffing ටිකක් එකතු කර එය එකතු කර ගන්න.
පසුව එය රෝල් කර ගන්න.

පසුව එය උඩට බටර් හෝ ගී ගා හොදින් රෝස්ට් කරගන්න.දෙපැත්තම හොදින් රෝස්ට් කර ගන්න.

ඔබේ පරාතා එක සූදානම්...!!!!!!


Friday, October 30, 2015

Semolina Oregano Popcorns




  • Ingredients :
  1. රුලං 100 g
  2. ග්‍රේට් කර ගත් ළූණු ගෙඩි 3-4 ක්
  3. ගැඹුරු තෙලේ බැදීමට ඔලිව් ඔයිල් 
  4. තිරිගු ඇට 80 g
  5. රස අනුව ලුණු
  6. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  7. කිරි 100 ml


  • Method :
බදුනක් ගෙන එයට තිරිගු ඇට දමන්න පසුව එයටම රුලං,කෑලි මිරිස් සහ ලූණු එකතු කර මිශ්‍ර කරන්න.පසුව ග්‍රේට් කරගත් ළූණු සහ කිරි එකතු කර උකු මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරගන්න.පසුව එම මිශ්‍රණය විනාඩි 15 ක් වසා තබන්න.
                  පසුව එම මිශ්‍රණය ගෙන පොඩි කොටස් වලට වෙන් කර අතින් පොඩ්ඩක් රවුම් කරන්න.පසුව ඔලිව් ඔයිල් රත් වු පසු එයට රවුම් කරගත් තිරිගු ඇට මිශ්‍රණය කොටස් දමා රන්වන් පැහැය වනතුරු බැද ගන්න.ඔබේ Semolina Oregano Popcorns සූදානම්...!!!!


Cheese Papdi




  • Ingredients :
  1. ප්ලේන් පිටි කෝප්ප 2 ක්
  2. ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/4 ක්
  3. තෙල් මේස හැදි 2 ක්
  4. ලුණු තේ හැදි 1 ක්
  5. මිශ්‍ර කර ගැනීමට අවශ්‍ය පමන වතුර
  6. ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ තෙල්

  • Method :
 මුලින්ම බදුනක් ගෙන එයට තෙල්,පිටි,චීස් සහ ලුණු එකතු කර ඩෝග් එකක් සාදා ගන්න.පඩුව එය ආවරණය කර පැය බාගයක් තබන්න.
          එසේ පැය බාගයක් තබා ගත් ඩෝග් එක නැවත් හොදින් ඇද හොදින් ඩෝග් එක සකස් කර ගන්න.පසුව එය හොදින් දිගට හිටින සේ රෝල් කරන්න අගල් 3 ක් පමනට හිටින සේ රෝල් කරගත් පසු.දැති පිහියක් ගෙන අගල් 1/2 ක් හිටින සේ රෝලෙන් පෙති කපා ගන්න.පසුව හොදින් බැදගන්න.ඔබේ cheese Papdi සූදානම්...!!!!



Thekua




  • Ingredients :
  1. ප්ලේන් පිටි 200 g
  2. ගී (ghee) 20 g
  3. ආමන්ඩ් සහ කජු යහමින්
  4. සීනි 250 g
  5. එළවළු තෙල් 250 ml

  • Method :
මුලින්ම කජු සහ ආමන්ඩ් ගී සමග මිශ්‍ර කරන්න විනාඩි 5 ක් එය එසේ තවරා තබන්න.සීනි ටික වතුර දමා උණු කර එය ආමන්ඩ් මිශ්‍රණයට දමා හොදින් මිශ්‍ර කර.එම මිශ්‍රණය බෝල හිටින සේ ගෙන බෝල ටිකක් පැතලි කර ගන්න.පසුව තෙල් රත්වන්නට හැර සාදාගත් බෝල හොදින් බැදගන්න.ඔබේ Thekua සූදානම්...!!!



Chicken Pakora 





  • Ingredients :
For The Marinade :

  1. කටු රහිත කුකුළු මස් කෑලි කපා 250 g
  2. අඹරා ගත් සුදුළූණු බික් 6-7 ක්
  3. අඹරා ගත් 2.5cm දිග ඉගුරු කැබල්ලක්
  4. ගම්මිරිස් තේ හැදි 1/4 ක්
  5. මිරිස් කුඩු තේ හැදි 1/4 ක්
  6. ලුණු තේ හැදි 1/4 ක්
  7. ගරම් මසාලා තේ හැදි 1/2 ක්
  8. කොත්තමල්ලී කුඩු තේ හැදි 1 ක්
  9. දෙහි යුෂ තේ හැදි 2 ක්
For The Batter :

  1. බිත්තර 1 ක්
  2. මුං පිටි මේස හැදි 2 ක්
  3. ප්ලේන් පිටි මේස හැදි 2 ක්
  4. දෙහි යුෂ තේ හැදි 2 ක්
  5. මිරිස් කුඩු තේ හාදි 1/2 ක්
  6. ලුණු තේ හැදි 1/4 ක්
  7. ගරම් මසාලා තේ හැදි 1/2 ක්
  8. ගැඹුරු තෙලේ බැදීමට තෙල්

  • Method :
For The Marinade :

Marinade එක්ට අවශ්‍ය සියලු දෑ එකට දමා හොදින් තවර ගන්න.එසේ තවර ගත් කුකුළු මස් ටික පැයක් තබන්න.

For The Batter :

බටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය එකට දමා හොදින් බීට් කර ගන්න.

              පසුව කුකුළු මස් මිශ්‍රණය ගෙන හොදින් රවුම් කර ගන්න.පසුව එය බටර් එකේ තවර ගන්න පසුව තෙල් බදුනක් ලිප තබා එයට සාදාගත් කුකුළු මස් බෝල දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව බැදගත් චිකන් පකෝරා ටිෂු පෙපර් එකට දමා තෙල් බේරෙන්න තබන්න.



Garlic and Egg Fried Rice 




  • Ingredients :
  1. තෙල් මේස හැදි 2 ක්
  2. ගසා ගත් බිත්තර 1 ක්
  3. අඹරා ගත් සුදුළූණු තේ හැදි 1/2 ක්
  4. පොඩියට කපා ගත් සුදුළූණු 6-7 ක්
  5. පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 1 ක්
  6. පිස ගත් බත් කෝප්පයක්
  7. රස අනුව ලුණු
  8. රස අනුව ගම්මිරිස්
  9. සෝයා සෝස් තේ හැදි 1 ක්
  10. අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2 ක්

  • Method :
බදුනක් ලිප තබා එයට තෙල් දමා රත් වු පසු එයට බිත්තරය දමා විනාඩියක් පිස ගන්න.පසුව අඹරා ගත් සුදුළූණු සහ අඹරා ගත් ඉගුරු දමා හොදින් පිස ගන්න.පසුව එයට පොඩියට කපා ගත් සුදුළූණු සහ සෝයා සෝස් දමා ගන්න.මිරිස් එකට දමා හොදින් පිස ගන්න.බත් ටික එකතු කරන්න.පසුව හොදින් තෙම්පරාදු කර ගන්න.හොදින් තෙම්පරාදු කරගන්න.ඔබේ Garlic and Egg Fried Rice එක සූදානම්...!!!



Soya Kebabs 



  • Ingredients :
  1. සෝයා කෝප්ප 2 ක්
  2. විනාකිරි මේස හැදි 2 ක්
  3. පාන් පෙති 4 ක්
  4. රස අනුව ලුණු
  5. අඹරා ගත් සුදුළූණු තේ හැදි 2 ක්
  6. ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  7. පොඩියට කපා ගත් ළූණු කෝප්ප 1/4 ක්
  8. පොඩියට කපා ගත් අමු මිරිස් 2 ක්
  9. මිරිස් කුඩු රස අනුව
  10. තෙල් ගැඹුරු තෙලේ බැදීමට

  • Method :
මුලින්ම උණුවතුර දමා සෝයා ටික පෙගෙන්න තබන්න.පසුව එය ගෙන එය පෙගුන පසු සියළුම ද්‍රව්‍ය එකට දමා බේලෙන්ඩ් කර ගන්න පසුව එම මිශ්‍රණය ගෙන එය හොදින් රවුම් කර ගන්න.පසුව තෙල් රත්වෙන්නට හැර සකස් කරගත් සෝයා බෝල ටික රන්වන් පැහැය වනතුරු බැදගන්න.ඔබේ Soya Kebabs සූදානම්...!!!!!


Thursday, October 29, 2015

Eggless Chocolate Cake




  • Ingredients :
For cake :
  1. තිරිඟු පිටි 125 g
  2. ප්ලේන් පිටි 150 g
  3. කොකෝ පවුඩර් 50 g
  4. බේකින් පවුඩර් 10 g
  5. සීනි 225 g
  6. වැනිලා එසන්ස් තේ හැදි 1 ක්
  7. තෙල් මේස හැදි 9 ක්
  8. වතුර 350 ml
For chocolate fudge topping :
  1. දියකර ගත් බටර් 50 g
  2. තෙල් මේස හැදි 3 ක්
  3. අයිසිං සීනි 250 g
  4. කොකෝ පවුඩර් මේස හැදි 2 ක්
  5. කිරි මේස හැදි 1-2 ක්
  6. පොඩියට කඩා ගත් කජු 100 g

  • Method :
For Cake :

මුලින්ම ප්ලේන් පිටි, තිරිඟු පිටි සහ බේකින් පවුඩර් එකට මිශ්‍ර කරන්න.පසුව එයට සීනි සහ වැනිලා එසන්ස් එකතු කර මිශ්‍ර කරන්න.පසුව වතුර සහ තෙල් දමා හොදින් බීට් කරන්න ක්‍රීම් එකක් වනතුරු බීට් කර ගන්න සියල්ල හොදින්.පසුව කේක් තැටියක් ගෙන ඔයිල් පේපර් බටර් පොඩ්ඩක් ගා ගන්න එය තැටියට දමා පසුව බීට් කරගත් මිශ්‍රණය එයට දමන්න.පසුව 160°C විනාඩි 45 ක් පුළුස්ස ගන්න.

For Chocolate Fudge Topping :

දිය කර ගත් බටර් සහ කිරි එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.පසුව අයිසිං සීනි සහ කොකෝ පවුඩර් එකතු කර්ස් හොදින් බීට් කරන්න.

                   පසුව සකස් කරගත් කේක් එක ගෙන සකස් කරගත් චොක්ලට් අයිසිං එක ගෙන කේක් එකේ හොදින් තවරන්න පසුව එය උඩට කජු ටික ඉසින්න.ඔබේ Eggless Chocolate Cake එක සූදානම්...!!!!



Ragi Dark Chocolate Cake 




  • Ingredients :
  1. ඩාර්ක් චොක්ලට් 100g
  2. බිත්තර 2 ක්
  3. සීනි කෝප්ප 1/2 ක්
  4. දිය කරගත් බටර් කෝප්ප 1/2 ක්
  5. කුරක්කන් කෝප්ප 1/2 ක්
  6. බේකින් පවුඩර් තේ හැදි 1/2 ක්
  7. විස්කි මේස හැදි 2 ක්


  • Method :
මුලින්ම චොක්ලට් ටික හොදින් දිය කර එය නිවෙන්න දෙන්න.ඒ අතරතුරු බිත්තර බීට් කරන්න එසේ කරන අතර තුරු සීනි ටික ටික එකතු කරමින් හොදින් බීට් කරන්න.පසුව එසේ බීට් කරගත් බිත්තර මිශ්‍රණය පසක තබා.චොක්ලට් මිශ්‍රණය ගෙන එයට බටර් ටික එකතු කර බීට් කර ගන්න පසුව බිත්තර මිශ්‍රණය එකතු කර නැවත බීට් කරන්න පසුව එම මිශ්‍රනයට බේකින් පවුඩර් එකතු කරන්න ඒ සමගම කුරක්කන් පිටි ටික ටික එකතු කර නැවත බීට් කර හොදින් බීට් කරන්න.දැන් අවසාන වශයෙන් විස්කි එකතු කර නැවත හොදින් බීට් කර ගන්න.පසුව කේක් තැටියක් ගෙන ඔයිල් පේපර් එකක් දමා එයට බටර් ටිකක් ගා එසේ සකස් කරගත් කේක් තැටියට මිශ්‍රණය දමා ගන්න.පසුව මයික්‍රෝවේව් එකේ 150 °C විනාඩි 15 ක් පුළුස්සා ගන්න.ඔබේ Ragi Dark Chocolate Cake එක සූදානම්...!!!



Caramel Pudding Without Oven





  • Ingredients :

  • For Caramel :
  1. සීනි 40 g
  2. වතුර මේස හැදි 1 ක්
  • For Custard :
  1. බිත්තර 3 ක්
  2. කිරි 300 ml
  3. සීනි 60 g

  • Method :
For Caramel :

බදුනක් ලිප තබා එයට සීනි සහ වතුර දමා හොදින් දිය කර ගන්න.දුඹුරු පැහැය වනතුරු දිය කර ගන්න.පසුව එය කොප්ප කිහිපයක් ගෙන එයට පොඩ්ඩ පොඩ්ඩ දමා ගන්න.

For Custard :

          සීනි දිය කරගත් බදුනටම කිරි එකතු කරන්න.පසුව එය මද ගින්නේ විනාඩි 2 ක් රත් කර ගන්න.එය කෝප්ප වලට දමා ගන්න.

එය රත් වන තුරු බිත්තර 3 හොදින් බීට් කර ගන්න එයටම සීනි එකතු කර නැවත බීට් එකතු කර ගන්න.පසුව එයට රත් කරගත් කිරි එක එකතු කර ගන්න.
        නැවත හොදින් ටික වේලාවක් බීට් කර එය පෙරා ගන්න. 


          පසුව එය සීනි දිය කර දමා ගත් කෝප්ප වලට දමා ගන්න.

          පසුව එම කෝප්ප ඇල්මේනියම් කොළ වලින් ආවර්ණය කර ගන්න.

         සෝස්පෑන් එකක් ගෙන පෙපර් සර්වියට් එක දමා එය උඩට මිශ්‍රණය සහිත කෝප්ප තබන්න.


             පසුව එයට උණු වතුර ටිකක් දමා ගන්න පසුව එය වසා විනාඩි 20-25 හොදින් ස්ටීම් කර ගන්න.


          පසුව එය බාගන්න විනාඩි 5 ක් නිවෙන්නට හැරින්න.ඔබේ Caramel Pudding එක සූදානම්...!!!!


Orange Pudding




  • Ingredients :
  • For The Orange Pudding:
  1. බටර් 50 g
  2. අයිසිං සීනි 60 g
  3. දොඩන් ගෙඩියේ ලේල්ල ග්‍රේට් කර තේ හැදි 1 ක්
  4. ප්ලේන් පිටි 30 g
  5. කහ මදය සහ සුදුමදය වෙන වෙනම වෙන්කර බිත්තර 1 ක්
  6. කිරි 140 ml
  7. දොඩම් යුෂ මේස හැදි 3 ක්

  • For the sauce :
  1. බටර් 50 g
  2. සීනි 50 g
  3. දොඩම් ගෙඩියක යුෂ
  4. මී පැණි මේස හැදි 2 ක්
  5. දෙහි යුෂ තේ හැදි 1/4 ක්

  • Method :
For the pudding :

මුලින්ම බටර් සහ අයිසිං සීනි එකට දමා හොදින් මිශ්‍ර කරන්න.හොදින් මිශ්‍ර වු පසු එයට දොඩම් ලෙලි සහ පිටි එකතු කර හොදින් මිශ්‍ර කරන්න.එයට දොඩම් යුෂ එකතු කරන්න.පසුව බිත්තර කහ මදය එකතු කර හොදින් මිශ්‍ර කරන්න.ටික වේලාවක් මිශ්‍ර කරගත් පසු එයට සුදුමදය එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න.මයික්‍රෝවේව් බෝල් එකක් ගෙන එයට සකස් කර ගත් මිශ්‍රණය එකතු කරන්න.පසුව එය මයික්‍රෝවේව් එකේ 250 (°C)  විනාඩි 10 ක් පිස ගන්න.

  • For The Sauce :
බදුනක් ලිප තපා එයට බටර් එකතු කර ගන්න එය දිය වු පසු එයට සීනි එකතු කර සීනි දිය වනතුරු හොදින් මිශ්‍ර කරන්න.පසුව එයට දොඩම් යුෂ සහ මී පැණි එකතු කර නැවත හොදින් මිශ්‍ර කරන්න.ඝණ මිශ්‍රණයක් වන තුරු මිශ්‍ර කරන්න.පසුව එයට දෙහි යුෂ එකතු කර මිශ්‍ර කරන්න.දැන් ඔබේ සෝස් එක සූදානම්.
                      ඔබේ පුඩින් එක උඩට සෝස් එකතු කරන්න දැන් ඔබේ දොඩම් පුඩින් එක සූදානම්...!!!!


Wednesday, October 28, 2015

Chocolate Almond Rock





  • Ingredients :
  1. කිරි චොක්ලට් 200 g
  2. සුද්ද කරගත් අමන්ඩ් කෝප්ප 1 ක්
  3. ඔයිල් පේපර් එකක්
  4. ට්‍රේ එකක්

  • Method :
මුලින්ම මයික්‍රෝවේව් එක 100°C විනාඩි 10-15 ත් අතර උණුසුම් කර ගන්න.පසුව එය තුලට ආමන්ඩ් ටික දෙකට පලා රෝස්ට් කර ගන්න විනාඩි 3-4 ක්.
           පසුව ආමන්ඩ් එක සිසිල් වෙන්නට හරින්න.පසුව චොක්ලට් ටික දිය කර ගන්න.දැන් චොක්ලට් වලට ආමන්ඩ් එකතු කර හොදින් කළවම් කරන්න.පසුව ට්‍රේ එකට ඔයිල් පේපර් එක් දමා එය උඩින් චොක්ලට් ආමන්ඩ් මිශ්‍රණය 5cm උසට හිටින සේ අතුරන්න එය පසුව කෑලි හිටින සේ කපා ගන්න නමුත් වෙන් කරන්නෙපා.පසුව ශීතකරණයේ විනාඩි 10-15 ක් තබන්න.ඔබේ Chocolate Almond Rock එක සූදානම්...!!!


Quick Chicken Curry in 30 Minutes




  • Ingredients :
  1. කපා ගත් කුකුළු මස් 1 kg
  2. ග්‍රේට් කර ගත් ළූණු 3 ක්
  3. ග්‍රේට් කර ගත් තක්කාලි 2 ක්
  4. අඹරා ගත් සුදුළූණු මේස හැදි 1 ක්
  5. අඹරා ගත් ඉගුරු මේස හැදි 1 ක්
  6. කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
  7. මහදුරු කුඩු තේ හැදි 2 ක්
  8. කහ කුඩු තේ හැදි 1/2 ක්
  9. මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  10. ගරම් මසාලා තේ හැදි 1 ක්
  11. තෙල් මේස හැදි 2 ක්
  12. වතුර කෝප්ප 1/2 ක්

  • Method :
මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත්වු පසු එයට සුදුළූණු,ඉගුරු සහ ළූණූ එකතු කර එය රන්වන් පැහැය වන තුරු බැදගන්න.පසුව එයට තක්කාලි,කොත්තමල්ලී කුඩු,මහදුරු කුඩු,ගරම් මසාලා,මිරිස් කුඩු,කහ කුඩු සහ ලුණු එකතු කර ටික වේලාවක් පිස ගන්න පසුව එයට කුකුළු මස් එකතු කර එය රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට වතුර එකතු කර ටික වේලාවක් පිස ගන්න.ඔබේ චිකන් කරි එක සූදානම්...!!!!!


Easy Chicken Biriyani





  • Ingredients :
  1. සම්බා හෝ බාස්මති 1 kg
  2. පොඩියට කපා ගත් කුකුළු මස්  1 kg
  3. පොඩියට කපා ගත් ළූණු ගෙඩි 3 ක්
  4. අඹරා ගත් සුදුළූණු මේස හැදි 2 ක්
  5. අඹරා ගත් ඉගුරු මේස හැදි 2 ක්
  6. පොඩියට කපා ගත් තක්කාලි 100 g
  7. Knorr Chicken කැට 3 ක්
  8. කහ කුඩු මේස හැදි 1 ක්
  9. මිරිස් කුඩු මේස හැදි 1 ක්
  10. සූදුරු මේස හැදි 1 ක්
  11. එනසාල් 5-6 ක්
  12. කරාබු නැටි 5-6 ක්
  13. කුරුදු පොත්තක්
  14. පොඩියට කපා ගත් කොත්තමල්ලී කොළ කෝප්ප 1 ක්
  15. රස අනුව ලුණු
  16. යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1 ක්
  17. රම්පා සහ කරපිංචා ටිකක්
  18. බටර් ටිකක්

  • Method :
බදුනක් ලිප තබා එයට බටර් දමන්න එය දිය වු පසු එයට ළූණු,ඉගුරු,සුදුළූණු,එනසාල්,කරාබුනැටි,සූදුරු,රම්පේ,කරපිංචා සහ කුරුදු එකතු කර ටික වේලාවක් පිස ගන්න.
                 පසුව එයට කුකුළු මස් එකතු කරන්න ටික වේලාවකින් එයට කොත්තමල්ලී කොල එකතු කරන්න පසුව ටික වේලාවකින් මිරිස් කුඩු,කහ එකතු කරන්න.පසුව එයට යෝගට් සහ මුදවපු කිරි සහ Knorr Chicken කැට එකතු කරන්න.පසුව එයට හාල් සහ වතුර එකතු කරන්න බත ඉදෙන්න ඇති තරමට දමා හොදින් බත ඉදෙන්න දෙන්න.ඔබේ චිකන් බිරියානි එක සූදානම්...!!!



Tuesday, October 27, 2015

Fish Biryani





  • Ingredients :
  1. ගී තෙල් තේ හැදි 2 ක්
  2. එනසාල් 3 ක්
  3. කරාබු නැටි 3 ක්
  4. කුරුදු පොත්තක්
  5. ගම්මිරිස් ඇට ටිකක්
  6. බාස්මති හාල් කෝප්ප 3 ක්
  7. උතුරවා ගත් උණු වතුර කෝප්ප 7 ක්
Fish Masala Ingredients :

  1. පොඩියට කපා ගත් මාළු 200 g
  2. චිලි පේස්ට් තේ හැදි 2  ක්
  3. කහ කුඩු තේ හැදි 1 ක්
  4. සිහින්ව කපා ගත් ළූණු ගෙඩියක්
  5. අඹරා ගත් ඉගුරු සහ සුදුළූණු තේ හැදි 3 ක්
  6. ග්‍රේට් කරගත් තක්කලි 50 g
  7. ගරම් මසාලා තේ හැදි 1 ක්
  8. මුදවපු කිරි තේ හැදි 2 ක්
  9. කොත්තමල්ලී කොළ පොඩියට කපා කෝප්ප 1/2 ක්
  10. මින්ට් කොළ ඉත්තක් 
  11. මිටි කිරි 50 ml
  12. මාළු බැදීමට තෙල්
  13. වියළි මිදි 50 g
  14. රන්වන් පැහැය වන තුරු බැද ගත් ළූණු 25 g

  • Method :

බදුනක් ලිප තබා එයට ගී තෙල් දමන්න.පසුව එයට එනසල්,කරාබු නැටි,කුරුදු සහ ගම්මිරිස් ඇට එකට දමා විනඩි 2-3 ක් හොදින් බැද ගන්න.පසුව එයට ළූණු ගෙඩියක් එකතු කරන්න විනාඩී  කිහිපයක් බැදගන්න.පසුව එයට බාස්මති හාල් ටික එකතු කර විනාඩි 5 ක් හොදින් බැදගන්න.පසුව එයට උණුවතුර ටික එකතු කර පිසෙන්නට හරින්න.
                      මාළු ටික ගෙන එයට මිරිස් කුඩු,කහ කුඩු සහ ලුණු එකතු කර හොදින් මිශ්‍ර කර පැයක් තබන්න.
                  එසේ පැයක් තබා ගත් මාළු ටික ගැඹුරු තෙලේ බැද ගන්න.දැන් සෝස්පෑන් එකක් ලිප තබා එයට මාළු බැදගත් තෙල් ටිකක් දමා ඉතිරි ළූණු ගෙඩිය දමා ටික වේලාවක් බැද ගන්න පසුව එයට ඉගුරු,සුදුළූණු,අමු මිරිස්,තක්කාලි,මුදවපු කිරි,ගරම් මසාලා,මිටි කිරි,කොත්තමල්ලී කොළ සහ ලුණු එකතු කර ගන්න විනාඩි 2 ක් පිස ගන්න.පසුව පිස ගත් බත් සහ මාළු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.විනාඩි 2කින් බාගන්න.ඔබේ Fish Biryani එක සූදානම්...!!!!


Tempered Eggs Very Easy




  • Ingredients :
  1. තම්බා ගත් බිත්තර 6 ක්
  2. පොඩියට කපා ගත් ලොකු ළූණු ගෙඩියක්
  3. අඹරා ගත් සුදුළූණු බික් 1 ක්
  4. කරපිංචා කොළ ටිකක්
  5. උබලකඩ තේ හැදි 1 ක්
  6. ග්‍රේට් කර ගත් තක්කාලි ගෙඩියක්
  7. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  8. එළවළු තෙල් තේ හැදි 3 ක්
  9. පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 2 ක්
  10. රස අනුව ලුණු
  11. දෙහි යුෂ තේ හැදි 2 ක්

  • Method :
බදුනක් ලිප තබා එයට තෙල් දමන්න.පසුව සියළුම ද්‍රව්‍ය එකට දමා ගන්න බිත්තර හැර එසේ දමා ගත් ද්‍රව්‍ය හොදින් පිස ගන්න විනාඩි 5 ක් පසුව එයට බිත්තර එකතු කර හොදින් කලවම් කරන්න.පසුව එය බාගන්න.ඔබේ Tempered Eggs එක සූදානම්...!!!!



Deviled Cuttle Fish with Button Mushrooms




  • Ingredients :
  1. පොඩියට කපා ගත් දැල්ලෝ 200 g
  2. පොඩියට කපා ගත් ළූණු ගෙඩි 2 ක්
  3. පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 1 ක්
  4. පොඩියට කපා බටන් හතු 50 g
  5. ඔයිස්ටර් සෝස් තේ හැදි 1 ක්
  6. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  7. දිගට කපා ගත් අමු මිරිස් 2 ක්
  8. තක්කාලි සෝස් 100 g
  9. එළවළු තෙල් තේ හැදි 4 ක්
  10. රස අනුව ලුණු
  11. ගම්මිරිස් කුඩු රස අනුව

  • Method :
මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත් වු පසු දැල්ලෝ දමා ටික වේලාවක් බැදගන්න.පසුව එයට සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න පසුව විනාඩි 10 ක් හොදින් පිස ගන්න.පසුව එය බාගන්න.ඔබේ Deviled Cuttle fish with Button Mushrooms සූදානම්...!!!


Monday, October 26, 2015

Instant Veg Pizza Without Baking


  • Ingredients :

  • For the dough :
  1. ප්ලේන් පිටි කෝප්ප 1/2 ක්
  2. දිය කර ගත් යෝගට් ටිකක්
  3. රස අනුව ලුණු
  4. බේකින් සෝඩා තේ හැදි 1/4 ක්
  5. බේකින් පවුඩර් තේ හැදි 1/4 ක්
  6. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  7. ගම්මිරිස් තේ හැදි 1 ක්
  • For Instant Sauce :
  1. තක්කාලි මේස හැදි 2 ක්
  2. ලූණු තේ හැදි 1/4 ක්
  3. අඹරා ගත් සුදුළූණු තේ හැදි 1/8  ක්
  4. ගම්මිරිස් තේ හැදි 1/4 ක්
  5. කෑලි මිරිස් තේ හැදි 1/4 ක්
  • For Topping :
  1. ළූණු ගෙඩියක් සිහින්ව කපා
  2. පොඩියට කපා ගත් මාළුමිරිස් කරල් 1 1/2 ක්
  3. මොසරැල්ලා චීස් ග්‍රේට් කරගත් කෝප්ප 1 1/2 ක්
  4. තෙල් මේස හැදි 1 ක්


  • Method :

  • For The Dough :

              මුලින්ම බදුනක් ගෙන එයට ඩොග් එක සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය දමා යෝගට් වලින් මිශ්‍ර කර ගන්න ඩෝග් එක හොදින් සකස් කර ගත් පසු එය හොදින් පැතලි කර එය තෙල් ටිකක් ගා ගත් තාච්චියක දමා එය මතින් පිගානක් තපා වැලි සහිත බර දෙයක් තබා එක් පැත්තක් විනාඩි 5-6 ත් අතර පිසෙන්නට දෙන්න.අනෙක් පැත්තත විනාඩි 5-6 ත් අතර පුළුස්ස ගන්න.


  • For Instant Sauce :

                 තක්කාලි සෝස් එකට Instant Sauce එකට අවශ්‍ය කරන සියල්ල එකට දමා හොදින් මිශ්‍ර කරන්න.පසුව මුලින් පිස සකස් කර ගත් පීසා ඩෝග් එක උඩට සකස් කරගත් instant sauce අතුර ගන්න.


  • Topping Putting :

               සෝස් ගා සකස් කරගත් පීසා එක උඩට මොසරැල්ලා චීස් ටිකක් දමන්න.පසුව ළූණු දමන්න.පසුව මාළුමිරිස් දමන්න.පසුව මොසරැල්ලා චීස් ටික උඩට දමන්න.එසේ සකස් කර ගත් පීසා එක නැවත තාච්චියක දමා විනාඩි 5-6 ක් පමණ පිස ගන්න.ඔබේ පීසා එක සූදානම්...!!!!



Masala Vada – South Indian Snack




  • Ingredients :
  1. කඩල පරිප්පු කෝප්ප 1 ක්
  2. පොඩියට කපා ගත් ළූණු කෝප්ප 1/2 ක්
  3. පොඩි ඉගුරු කැබැල්ලක් ග්‍රේට් කර
  4. ග්‍රේට් කරගත් සුදුළූණු බික් 3 ක්
  5. කෑලි මිරිස් මේස හැදි 1 ක්
  6. කොත්තමල්ලී කොළ පොඩියට කපා තේ හැදි 1/2 ක්
  7. කරපිංචා කොළ පොඩියට කපා තේ හැදි  1/2 ක්
  8. හාල් පිටි මේස හැදි 2 ක්
  9. මහදුරු තේ හැදි 1 ක්
  10. රස අනුව ලුණු
  11. පොඩියට කැපු අමු මිරිස් කරල් 2 ක්
  12. මිරිස් කුඩු තේ හැදි 1 ක්
  13. ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ තෙල්

  • Method :
මුලින්ම කඩල පරිප්පු වතුරේ පෙගෙන්න තබන්න පැය 5 ක් පමණ පසුව එය පෙරා පිටි වන තෙක් බේලෙන්ඩ් කර ගන්න.පසුව එයට සියළුම ද්‍රව්‍ය පරිප්පු එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.පසුව එය අතින් බොල කර ගන්න.පසුව එය පැතලි කර ගන්න.තෙල් රත්වෙන්නට හැර පරිප්පු වලින් සදා ගත් පැතලි බොලය තෙල් එකට දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න.වැඩි තෙල් ඉවත් කිරීමට ටිෂු එකක් බාවිතා කරන්න.ඔබේ මසල වඩේ සූදානම්...!!!!


Paneer Dish in 15 mins from Scratch



  • Ingredients :
  1. පනීර් චීස් කෝප්ප 1/2 ක් (මෙහි පනීර් චීස් සාදන අකාරය මුලුන් සදහන් කර ඇත.)
  2. තෙල් මේස හැදි 1 ක්
  3. මහදුරු තේ හැදි 1 ක්
  4. රස අනුව ලුණු
  5. ග්‍රේට් කරගත් තක්කාලි 2 ක්
  6. ග්‍රේට් කරගත් ළූණු ගෙඩියක්
  7. මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  8. කහ කුඩු තේ හැදි 1/4 ක්
  9. කොත්තමල්ලී කුඩු තේ හැදි 1 ක්
  10. මිටි කිරි කෝප්ප 1/2 ක්
  11. කොත්තමල්ලී කොළ පොඩියට කපා තේ හැදි 2-3 ක්
  12. සීනි තේ හැදි 1/2 ක්

  • Method :
බදුනක් ලිප තබා එයට තෙල් එකතු කරන්න එය රත් වු පසු එයට මහදුරු එකතු කර පසුව ටික වේලාවකින් ළූණු එකතු කරන්න එය රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට තක්කාලි එකතු කර නැවත පිස ගන්න.පසුව එයට මිරිස් කුඩු,කහ කුඩු,කොත්තමල්ලී කුඩු,සීනි සහ ලුණු එකතු කර නැවත හොදින් පිස ගන්න.විනාඩි 2-3 කින් පසු එයට කොටුවට කපා ගත් පනීර් එකතු කර විනාඩි 1-2 ක් පිස එයට කිරි එකතු කරන්න විනාඩි 5 ක් හොදින් පිස ගන්න.පසුව එය බාගන්න.එය උඩින් කොත්තමල්ලී කොළ ඉසින්න.ඔබේ පනීර් ව්‍යංජනය සූදානම්...!!!


Choco Bar Without Ice Cream Maker 



  • Ingredients :
  1. විපින් ක්‍රීම් කෝප්ප 1 ක්
  2. වැනිලා එසන්ස් තේ හැදි 2 ක්
  3. මිලික් චොක්ලට් කොප්ප 1/2 ක්
  4. කුඩු කර ගත් සීනි කෝප්ප 1/4 ක්
  5. කිරි කෝප්ප 1 1/4 ක්
  6. කිරි පිටි කෝප්ප 1/2 ක්
  7. රට කජු කිහිපයක්

  • Method :

විපින් ක්‍රීම් හොදින් බීට් කර ගන්න පෙන එනතුරු බීට් කර ගන්න.පසුව එයට වැනිලා,කිරි,කිරි පිටි සහ සීනි කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න පසුව එය පැය 3-4 ක් තබන්න.
පසුව ඔබ චොක්ලට් ටික ගෙන හොදින් දිය කර ගන්න පසුව අයිස් ක්‍රීම් බාර් අච්චු ගෙන එයට දිය කරගත් චොක්ලට් අතුර ගන්න පසුව එයට රට කජු අතුරන්න.එසේ අතුර ගත් පසු එය විනාඩි 2-3 ක් ශීතකරණයේ උඩ කොටසේ දමන්න.

එසේ විනාඩි 2-3 කින් පසු එළියට ගත් අයිස් ක්‍රීම් අච්චු වලට සදා ගත් අයිස් ක්‍රීම් දමන්න පිරෙන්නා නොදමන්න.පසුව එය පැය 2-3 ක් ශීතකරණයේ උඩ දමා ගන්න.

පසුව එම අච්චු වතුර බදුනකට දමා ටික වේලාවකින් එළියට ගෙන හිමීට ගලව ගන්න.
ඔබේ චොකෝ බාර් සූදානම්...!!!



Sunday, October 25, 2015

Triple Layered Mousse – Dark Chocolate, Mango, White Chocolate ( Quick And Easy )



  • Ingredients :
For Chocolate Mousse ;
  1. විපින් ක්‍රීම් 150 ml
  2. ඩාර්ක් චොක්ලට් 75 g
  3. කුඩු කරගත් සීනි මේස හැදි 3 ක්
For Mango Mousse ;
  1. අඹ හොදින් බේලෙඩ් කර කිසිවක් මිශ්‍ර නොකර 100 ml
  2. විපින් ක්‍රීම් 100 ml
  3. කුඩු කරගත් සීනි මේස හැදි 2 ක්
  4. පැහැයෙන් තොර සන්ජවු 2 g
For White Chocolate Mousse ;
  1. විපින් ක්‍රීම් 150 ml
  2. සුදු චොක්ලට් 75  g
  3. කුඩු කර ගත් සීනි මේස හැදි 3 ක්

  • Method :
For Chocolate Mousse Method ;
           මුලින්ම වතුර එකක් ලිප තබා එය රත් වන විට එය උඩින් ඩාර්ක් චොක්ලට් බදුන තබා චොක්ලට් උණු කර ගන්න හොදින් එසේ හොදින් චොක්ලට් දිය වු පසු එය බාගන්න.වෙනම බදුනක් ගෙන විපින් ක්‍රීම් සහ කුඩු කර ගත් සීනි එකතු කර පෙන එනතුරු බීට් කරගන්න.පසුව එයට දිය කරගත් චොක්ලට් මිශ්‍රණය එකතු කරන්න.නැවත පෙන එනතුරු හොදින් බීට් කරගන්න.

For Mango Mousse ;
              මුලින්ම ඔබ සන්ජවු ටික ගෙන එයට උණු වතුර ටිකක් දමා පිපෙන්නට හරින්න.පසුව නැවත විපින් ක්‍රීම් සහ කුඩු කරගත් සීනී එකට දමා හොදින් බීට් කර ගන්න.පසුව  පිපෙන්නට තැබූ සන්ජවු එක සෝස්පෑන් එකක් ලිප තබා එයට දමා දිය වනතුරු පිස ගන්න පසුව එම මිශ්‍රණය අඹ මිශ්‍රණයට එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.පසුව එම අඹ මිශ්‍රණය බීට් කරගත් විපින් ක්‍රීම් එකට දමා හොදින් බීට් කර ගන්න.


  • For White Chocolate Mousse ;
ඩාර්ක් චොක්ලට් උණු කරගත් ආකාරයටම වයිට් චොක්ලට් එකත් හොදින් දිය කර ගන්න එය පසෙක තබන්න දිය කරගත් පසු.විපින් ක්‍රීම් සහ කුඩු කර ගත් සීනී එකතු කර හොදින් බීට් කර ගන්න පෙන එන තෙක් බීට් කර ගන්න.පසුව එයට දියකරගත් වයිට් චොක්ලට් එකතු කර බීට් කර ගන්න.

  • Triple Layered Mousse Method :
                  අයිසිං බෑග් 3 ක් ගෙන එයට සකස් කරගත් මූස් වර්ග 3 වෙන වෙනම අසුර ගන්න.පසුව වීදුරු කෝප්පයක් ගෙන පළමුව ඩාර්ක් චොක්ලට් මිශ්‍රණය දමා ගන්න.එයට උඩින් මැන්ගො මූස් එක දමන්න.පසුව වයිට් චොක්ලට් එක දමා ගන්න.පසුව එය පැය 2-3 ක් ශීතකරණයේ තබන්න.ඔබේ මූස් එක සූදානම්....!!!!


Cake Without Baking




  • Ingredients :
  1. තිරිගු පිටි කෝප්ප 1 ක්
  2. සීනි කුඩු කර කෝප්ප 3/4 ක්
  3. බිත්තර 2 ක්
  4. සන්ෆ්ලවර් තෙල් කෝප්ප 1/2 ක්
  5. බේකින් පවුඩර් මේස හැදි 1/2 ක්
  6. වැනිලා එසන්ස් තේ හැදි 1 ක්
  7. වැලි ටිකක්

  • Method :
සියළුම ද්‍රව්‍ය (වැලි හැර)  එකට දමා හොදින් බීට් කර ගන්න ක්‍රීම් එකක් වනතුරු බීට් කර ගන්න.පසුව රොටි තැටියක් ලිප තබා එයට වැලි ටික අතුරන්න.එය රත් වන්නට හරින්න.පසුව රවුම් කේක් තැටියක් හෝ සිල්වර් බදුනක් ගෙන එයට සන්ෆවර් තෙල් හොදින් ගා ගන්න.පසුව එයට බීට් කරගත් මිශ්‍රණය එකතු කරන්න.පසුව රත් වු වැලි සහිත රොටි තැටිය මත තබන්න.පැයක් හොදින් පුළුස්සන්න.එසේ පිළිස්සුන පසු බාගන්න.ඔබේ කේක් එක සූදානම්....!!!!


Butter Garlic Naans Without Oven and Tandoor



  • Ingredients :
  1. පේලේන් පිටි කෝප්ප 2 ක්
  2. මිශ්‍ර කිරිමට අවශ්‍ය පමණ උණු වතුර
  3. යීස්ට් මේස හැදි 1/2 ක්
  4. සීනි මේස හැදි 1 ක්
  5. තෙල් මේස හැදි 1 ක්
  6. රස අනුව ලුණු
  7. සුදුළූණු කෝප්ප 1/3 ක් (බාගයක් අඹරා සහ බාගයක් ග්‍රේට් කර)
  8. පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ මේස හැදි 3 ක්
  9. බටර් ගා ගැනීමට අවශ්‍ය පමණ

  • Method :
මුලින්ම බදුනක් ගෙන එයට වතුර ටිකක්,යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කර එය පසක තබා වෙනම බදුනක් ගෙන පිටි,ලුණු,යීස්ට්  මිශ්‍රණය සහ තෙල් එකතු කර එයට උණුවතුර කෝප්ප 3/4 ක්  එකතු කර හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එකක් සදා ගන්න.එසේ සකස් කරගත් ඩෝග් එක රෙද්දකින් වසා පැයක් තබන්න.
             පැයකින් පසුව මේසය උඩට ගෙන සුමුදු මිශ්‍රණයක් වන තෙක් රබර් එකක් සේ ඇද ඇද හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එක සුමුදු කරන්න.
                    පසුව ඩොග් එකෙන් කොටසක් ගෙන හොදින් රවුම් කර එක මේසය උඩ තබා පැතලි කර පසුව එයට අඹරා ගත් ගත් සුදුළූණු සහ පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ හොදින් ගා ගන්න.එසේ ගා ගත් පසු එයටම බටර් ගා ගන්න.
                    රොටි තැටියක් ලිප තබා එයට සකස් කර ගත් රොටියේ බටර් ගා ගත් පෙදෙස දමන්න එය පිම්බෙයි එවිට එය ගෑස් උදුනේ ගින්දරින් පොඩ්ඩක් පුච්චන්න.



             පසුව අනෙක් පෙදෙස හරවා බටර් ගා එයත් පිපෙන විට පුච්චන්න.පසුව බා ගත් පසුත් බටර් ගා ගන්න.ඔබේ නාන් රොටිය සූදානම්...!!!




Saturday, October 24, 2015

Sweet Lassi




  • Ingredients :
  1. යෝගට් කෝප්ප 1 ක්
  2. අයිස් වතුර කෝප්ප 1 ක්
  3. රස අනුව සීනී
  4. රෝස් වෝටර් තේ හැදි 1 ක්
  5. එනසාල් කුඩු පොඩ්ඩක් (pinch)


  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කරන්න.උකු මිශ්‍රණයක් වු විට එය උස වීදුරුවක දමා පිලිගන්වන්න.ඔබේ Sweet Lassi සූදානම්...!!!!




Chicken Stir Fry





  • Ingredients :
  1. කටු රහිත කුකුළු මස් පොඩියට කපා කෝප්ප 1 ක්
  2. අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු මේස හැදි 1ක බැගින්
  3. ගරම් මසාලා තේ හැදි 1 ක්
  4. ඉරිගු පිටි තේ හැදි 2 ක්
  5. මිරිස් කුඩු මේස හැදි 2 ක්
  6. කහ කුඩු තේ හැදි 1 ක්
  7. මහදුරු කුඩු තේ හැදි 1 1/2 ක්
  8. දෙහි යුෂ තේ හැදි 2 ක්
  9. රස අනුව ලුණු
  10. රතු පාට කලරින් පොඩ්ඩක්
  11. තෙල් මේස හැදි 3 ක්
  12. බෙල් පෙපර් ගෙඩියක් පොඩියට කපා
  13. ලොකු ළූණු ගෙඩියක් පොඩියට කපා

  • Method :
බදුනක් ගෙන තෙල්,බෙල් පෙපර් සහ ළූණු හැර සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න එම මස් මිශ්‍රණය ශිතකරණයේ පැයක් තබන්න.පසුව බදුනක් ලිප තබා එයට තෙල් දමා එයට ළූණු,බෙල් පෙපර් දමා ටික වේලාවක් බැද ගන්න.පසුව මස් ටික එකතු කර හොදින් පිස ගන්න.මස් හොදින් පිසුන පසුව බාගන්න.මෙය වඩාත් රසවත් පාන් සමග කන විට.ඔබේ Chicken Stir Fry සූදානම්...!!!



Peanut Chikki





  • Ingredients :
  1. රට කජු කෝප්ප 1 ක්
  2. සීනි කෝප්ප 3/4 ක්
  3. එනසාල් කුඩු තේ හැදි 1/4 ක්

  • Method:
සීනි ටික ලිප තබා සිරප් වනතුරු හොදින් දිය කර ගන්න සීනි සිරප් එක මී පැනි පාටට ආව පසු එයට රට කජු සහ එනසාල් කුඩු එකතු කරන්න.පසුව එය විගස බාගන්න එම මිශ්‍රණය ට්‍රේ එකකට 3cm උසට හිටින සේ මිශ්‍රණය අතුර ගන්න.අතුර ගත් පසු එය කපා ගන්න.පසුව සිසිල් වෙන්නට හැර කෑලි වෙන් කර ගන්න.