Wednesday, November 4, 2015

Chocolate Fudge





  • Ingredients :
  1. කිරි සහිත චොක්ලට් කෝප්ප 1 ක්
  2. මිල්ක් මේඩ් කෝප්ප 2/3 ක්
  3. බටර් මේස හැදි 1 ක්
  4. පොඩියට කඩා ගත් කජු කෝප්ප 1/4 ක්
  5. වැනිලා තේ හැදි 1 ක්
  6. ෆොයිල් කොළයක්

  • Method :

මුලින්ම ඔබ හොදින් චොක්ලට් ටික දිය කරගන්න.පසුව එයට මිල්ක් මේඩ්,වැනිලා සහ බටර් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.පසුව එයට කජු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.පසුව ෆොයිල් කොළයක් බාජනයට දමා එයට චොක්ලට් මිශ්‍රණය දමන්න පසුව කෑලි කපා ගන්න.පසුව එම බදුන ශීතකරණයේ පහල කොටසේ පැය 2-3 ක් තබන්න.පසුව කෑළි කපාගන්න.ඔබේ Chocolate Fudge සූදානම්...!!!




Monday, November 2, 2015

Quick Paneer Tikka




  • Ingredients :
  1. පනීර් කොටුවට කපා 150 g
  2. කොටුවට කපා ගත් මාළුමිරිස් කරල් 2 ක්
  3. තෙල් ටිකක්
  4. අඹරා ගත් සුදුළූණු තේ හැදි 1 ක්
  5. අඹරා ගත් ඉගුරු තේ හැදි 1 ක්
  6. මුං ඇට පිටි තේ හැදි 1 ක්
  7. කහ කුඩු පොඩ්ඩක්
  8. සූදුරු කුඩු තේ හැදි 1/2 ක්
  9. මිරිස් කුඩු තේ හැදි 1/4 ක්
  10. කොත්තමල්ලී කුඩු තේ හැදි 1/4 ක්
  11. මහදුරු කුඩු තේ හැදි 1/4 ක්
  12. ගරම් මසාලා තේ හැදි 1/4 ක්
  13. දෙහි යුෂ තේ හැදි 1 ක්
  14. රස අනුව ලුණු
  15. ටූත් පික් කිහිපයක්

  • Method :
මුලින්ම සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න.
පසුව ටූත් පික් ගෙන එයට මාළුමිරිස් කැබල්ලක්,පානීර් කැබල්ලක් සහ මාළුමිරිස් කැබැල්ලක් වන සේ ගසා ගන්න.
බදුනකට ලිප තබා එයට තෙල් දමා එයට සකස් කරගත් ටූත් පික් හොදින් රන්වන් පැහැය වන තුරු බැදගන්න.
තෙල් බේරෙන්න ටිෂු එකට දමා ගන්න.
ඔබේ පනීර් ටික්කා සූදානම්...!!!!



Saturday, October 31, 2015

Coffee Milkshake




  • Ingredients :
  1. නෙස්කැෆේ මේස හැදි 1 ක්
  2. උණුවතුර කෝප්ප 1/4 ක්
  3. සීනි මේස හැදි 3-4 ක්
  4. සිසිල් කිරි කෝප්ප 2 ක්
  5. අයිස් කැට 6-7 ක්

  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩර් කර ගන්න හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව වීදුරු වලට දමා ගන්න.ඔබේ Coffee Milkshake එක සූදානම්...!!!!


Rose Lassi Drink





  • Ingredients :
  1. යෝගට් කෝප්ප 1 1/2 ක්
  2. අයිස් වතුර කෝප්ප 1 ක්
  3. අයිස් කැට 6-8 ක්
  4. වියළි රෝස පෙති 10-12 ක්
  5. නැවුම් රෝස පෙති 5-6 ක්
  6. රෝස වතුර තේ හැදි 2 ක්
  7. රෝස සිරප් මේස හැදි 3 ක්
  8. සීනි මේස හැදි 2-3 ක්

  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව සරස ගන්න කජු ටිකක් උඩින් දමා ගන්න.


Indian Gobi Ki Paratha






  • Ingredients :
For The Dough :
  1. ආටා පිටි කෝප්ප 3 ක්
  2. වතුර කෝප්ප 1 ක්
  3. රස අනුව ලුණු
  4. ගී (ghee) හෝ බටර් 
For The Stuffing :
  1. ග්‍රේට් කර ගත් මල්ගෝවා 200 g
  2. හීනියට කපා ගත් අමු මිරිස් කරල් කිහිපයක්
  3. ගරම් මසාල පොඩ්ඩක්
  4. මිරිස් කුඩු රස අනුව
  5. ලුණු පොඩ්ඩක්
For Roasting Paratha :
බටර් හෝ ගී පරාතා රෝස්ට් කර ගන්න.

  • Method :
For The dough ;

Dough එක සාදාගැනීමට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර සුමුදු ඩෝ එකක් සකස් කර ගන්න එය වසා පැයක් තබන්න.

For The Stuffing :
 
බදුනක් ගෙන stuffing එකට අවශ්‍ය සියළු දේ එකට දමා හොදින් කලවම් කරන්න.

පසුව සාදාගත් ඩෝ එක ගෙන එය පැතලි කරගන්න.
පසුව එයට stuffing ටිකක් එකතු කර එය එකතු කර ගන්න.
පසුව එය රෝල් කර ගන්න.

පසුව එය උඩට බටර් හෝ ගී ගා හොදින් රෝස්ට් කරගන්න.දෙපැත්තම හොදින් රෝස්ට් කර ගන්න.

ඔබේ පරාතා එක සූදානම්...!!!!!!


Friday, October 30, 2015

Semolina Oregano Popcorns




  • Ingredients :
  1. රුලං 100 g
  2. ග්‍රේට් කර ගත් ළූණු ගෙඩි 3-4 ක්
  3. ගැඹුරු තෙලේ බැදීමට ඔලිව් ඔයිල් 
  4. තිරිගු ඇට 80 g
  5. රස අනුව ලුණු
  6. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  7. කිරි 100 ml


  • Method :
බදුනක් ගෙන එයට තිරිගු ඇට දමන්න පසුව එයටම රුලං,කෑලි මිරිස් සහ ලූණු එකතු කර මිශ්‍ර කරන්න.පසුව ග්‍රේට් කරගත් ළූණු සහ කිරි එකතු කර උකු මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරගන්න.පසුව එම මිශ්‍රණය විනාඩි 15 ක් වසා තබන්න.
                  පසුව එම මිශ්‍රණය ගෙන පොඩි කොටස් වලට වෙන් කර අතින් පොඩ්ඩක් රවුම් කරන්න.පසුව ඔලිව් ඔයිල් රත් වු පසු එයට රවුම් කරගත් තිරිගු ඇට මිශ්‍රණය කොටස් දමා රන්වන් පැහැය වනතුරු බැද ගන්න.ඔබේ Semolina Oregano Popcorns සූදානම්...!!!!


Cheese Papdi




  • Ingredients :
  1. ප්ලේන් පිටි කෝප්ප 2 ක්
  2. ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/4 ක්
  3. තෙල් මේස හැදි 2 ක්
  4. ලුණු තේ හැදි 1 ක්
  5. මිශ්‍ර කර ගැනීමට අවශ්‍ය පමන වතුර
  6. ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ තෙල්

  • Method :
 මුලින්ම බදුනක් ගෙන එයට තෙල්,පිටි,චීස් සහ ලුණු එකතු කර ඩෝග් එකක් සාදා ගන්න.පඩුව එය ආවරණය කර පැය බාගයක් තබන්න.
          එසේ පැය බාගයක් තබා ගත් ඩෝග් එක නැවත් හොදින් ඇද හොදින් ඩෝග් එක සකස් කර ගන්න.පසුව එය හොදින් දිගට හිටින සේ රෝල් කරන්න අගල් 3 ක් පමනට හිටින සේ රෝල් කරගත් පසු.දැති පිහියක් ගෙන අගල් 1/2 ක් හිටින සේ රෝලෙන් පෙති කපා ගන්න.පසුව හොදින් බැදගන්න.ඔබේ cheese Papdi සූදානම්...!!!!