Quick Paneer Tikka
- පනීර් කොටුවට කපා 150 g
- කොටුවට කපා ගත් මාළුමිරිස් කරල් 2 ක්
- තෙල් ටිකක්
- අඹරා ගත් සුදුළූණු තේ හැදි 1 ක්
- අඹරා ගත් ඉගුරු තේ හැදි 1 ක්
- මුං ඇට පිටි තේ හැදි 1 ක්
- කහ කුඩු පොඩ්ඩක්
- සූදුරු කුඩු තේ හැදි 1/2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1/4 ක්
- කොත්තමල්ලී කුඩු තේ හැදි 1/4 ක්
- මහදුරු කුඩු තේ හැදි 1/4 ක්
- ගරම් මසාලා තේ හැදි 1/4 ක්
- දෙහි යුෂ තේ හැදි 1 ක්
- රස අනුව ලුණු
- ටූත් පික් කිහිපයක්
මුලින්ම සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න.
පසුව ටූත් පික් ගෙන එයට මාළුමිරිස් කැබල්ලක්,පානීර් කැබල්ලක් සහ මාළුමිරිස් කැබැල්ලක් වන සේ ගසා ගන්න.
බදුනකට ලිප තබා එයට තෙල් දමා එයට සකස් කරගත් ටූත් පික් හොදින් රන්වන් පැහැය වන තුරු බැදගන්න.
තෙල් බේරෙන්න ටිෂු එකට දමා ගන්න.
ඔබේ පනීර් ටික්කා සූදානම්...!!!!
No comments:
Post a Comment