Wednesday, November 4, 2015

රසවත් ඉන් අල හොද්දක්






  • Ingredients :
  1. ඉන් අල 500 g
  2. පොඩියට කපා ගත් තක්කාලි 100 g
  3. අඹරා ගත් ඉගුරු මේස හැන්දක්
  4. අමු මිරිස් කරල් 2-3 පොඩියට කපා
  5. යෝගට් කෝප්ප 1/2 ක්
  6. විපින් ක්‍රීම් මේස හැදි 2 ක්
  7. වතුර කෝප්ප 2 ක්
  8. බේ ලිෆ් එකක්
  9. කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
  10. කහ කුඩු තේ හැදි 1/4 ක්
  11. මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  12. ගී (ghee) මේස හැන්දි 3 ක්
  13. රස අනුව ලුණු
Special Spice Powder :
  1. උළුහාල් තේ හැදි 1/2 ක්
  2. කරාබුනැටි 4 ක්
  3. මහදුරු තේ හැදි 2 ක්
  4. එනසාල් 3-4 ක්
  5. සූදුරු තේ හැදි 2 ක්

  • Method :


Special Spice Powder :

මුලින්ම සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කරන්න.හොදින් කුඩු කරන්න.

ඉන් අල හොද්ද :

මුලින්ම අල ටික සුද්ද කර එය දෙකට කපා ගන්න පසුව වතුර දමා හොදින් තම්බා ගන්න.පසුව බදුනක් ලිප තබා එයට ගී (ghee) එකතු කර එය රත් වු පසු එයට බේ ලිෆ් එක දමන්න.පසුව එයටම ඉගුරු එකතු කරන්න.ටික වේලාවකින් තක්කාලි සහ සාදාගත් spice කුඩු එක එකතු කරන්න.පසුව යෝගට් එකතු කර නැවත පිස ගන්න.පසුව කොත්තමල්ලී කුඩු,මිරිස් කුඩු සහ කහ එකතු කරන්න විනාඩි කිහිපයක් පිස ගන්න.පසුව අල එකතු කර හොදින් විනාඩි කිහිපයක් මිශ්‍ර කරන්න පසුව එයට උඩින් අමු මිරිස් එකතු කරන්න.පසුව වතුර එකතු කරන්න.උකු මිශ්‍රණයක් වනතුරු හොදින් පිස ගන්න.ඔබේ ඉන් අල හොද්ද සූදානම්...!!!!!


No comments:

Post a Comment