Saturday, October 24, 2015

Indian-style Pasta


  • Ingredients :
  1. පාස්තා කෝප්ප 1 ක්
  2. වතුර කෝප්ප 3 ක්
  3. සිහින්ව කපා ගත් ළූණු කෝප්ප 1/4 ක්
  4. සිහින්ව කපා ගත් තක්කාලි කෝප්ප 1/4 ක්
  5. අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු තේ හැදි 1 බැගින්
  6. අමු මිරිස් කරලක් පොඩියට කපා
  7. මිරිස් කුඩු තේ හැදි 1 ක්
  8. චිලි සෝස් තේ හැදි 1 ක්
  9. ගරම් මසාලා තේ හැදි 1/4 ක්
  10. තිරිගු පිටි මේස හැදි 1 ක්
  11. ප්ලේන් කිරි මේස හැදි  3 ක්
  12. තෙල් මේස හැදි 2 ක්
  13. රස අනුව ලුණු
  14. කොත්තමල්ලී කොළ කිහිපයක්

  • Method :
බදුනක් ලිප තබා එයට් වතුර කෝප්ප 3 දමා එය හොදින් උතුරන්න දෙන්න එය උතුරන විට පාස්තා ටික එකතු කරන්න.එය හොදින් පිස ගන්න එය හොදින් සුමුදු වු පසු එය බාගෙන හොදින් පෙරා ගන්න.එය පෙරෙන්නට හැර වෙනම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත් වන්නට හැර එයට ළූණු,සුදුළූණු,ඉගුරු සහ අමු මිරිස් රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව තිරිගු පිටි එකතු කර විනාඩියක් පිස ගෙන එයටම තක්කාලි,කිරි,මිරිස් කුඩු,ගරම් මසාලා,ලුණු සහ චිලි සෝස් එකතු කර නැවත පිස ගන්න.ටික වේලාවකින් පාස්තා එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න විනාඩියක්.පාස්ත එක ලිපෙන් බාගෙන පිගානකට දමා එය උඩට කොත්තමල්ලී කොළ වලින් සරස ගන්න.ඔබේ පාස්තා එක සුදානම්...!!!



Egg Noodles




  • Ingredients :
  1. පිසගත් නුඩ්ල්ස් පැකට් 1  ක්
  2. ළූණු පොඩියට කපා 1/2 ක්
  3. තක්කාලි පොඩියට කපා 1/2 ක්
  4. කැරට් බාගයක් ග්‍රේට් කර 
  5. බෝංචි පොඩියට කපා 3-4 ක්
  6. ගෝවා සිහින්ව කපා ගත් කෝප්ප 1/4 ක්
  7. ග්‍රීන් පීස් මේස හැදි 3 ක්
  8. බෙල් පෙපර් පොඩියට කපා කෝප්ප 1/4 ක්
  9. බිත්තර 1-2 හොදින් බීට් කර
  10. තෙල් ටිකක්
  11. ගම්මිරිස් කුඩු මේස හැදි 1/4 ක්
  12. ගරම් මසාලා කුඩු මේස හැදි 1/4 ක්
  13. කෑලි මිරිස් මේස හැදි 1 ක්
  14. රස අනුව ලුණු

  • Method :
බදුනක් ලිප තබා එයට තෙල් දමන්න.එය රත් වු පසු එයට ළූණු,තක්කාලි,කැරට්,බෝංචි,ගෝවා,ග්‍රීන්පීස් සහ බෙල් පෙපර් දමා හොදින් පිසගන්න.පසුව එයට කෑලි මිරිස්,ගරම් මසාලා එකතු කර හොදින් මිශ්‍ර කරන්න විනාඩි කිහිපයක්.පසුව බිත්තර එකතු කරන්න පිසෙන මිශ්‍රණයට.පසුව එයට නුඩ්ලස් එකතු කර එයටම ලුණු,ගම්මිරිස් එකතු කර හොදින් මිශ්‍ර කරන්න විනාඩි 5 ක් මද ගින්නේ හොදින් මිශ්‍ර කරන්න.ඔබේ Egg Noodle එක සූදානම්...!!!!



Friday, October 23, 2015

Sunshine Toast ( Easy And Quick )




  • Ingredients :
  1. බටර් මේස හැදි 2 ක්
  2. පාන් පෙත්තක්
  3. පොඩියට කපා ගත් අමු මිරිස් 2 ක්
  4. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් මේස හැන්දි 1 ක්


  • Method :
පාන් පෙත්ත ගෙන එහි මැද රවුමක් කපා ගන්න.පසුව එසේ සකස් කර ගත් පාන් පෙත්තේ එක් පසක හොදින් බටර් ගා ගන්න.පසුව සෝස්පෑන් එකක් ලිප තබා බටර් ගා ගත් පෙදෙස සෝස්පෑන් එකට හිටින සේ තබා ගන්න.පසුව පාන් පෙත්තේ බටර් ගා ගන්න පසුව රවුම මැදට බිත්තරයට දමන්න.ටික වේලාවකින් එය උඩට මොසරැල්ලා චීස් සහ අමු මිරිස් දමන්න විනාඩි 2 ක් පමන තබා.අනෙක් පැත්තට හරව ගන්න විනාඩි 2 කින් බාගන්න.මතක තබා ගන්න දුඹුරු පැහැය වනතුරු පාන් එක ටොස්ට් කරන්න.ඔබේ Sunshine Toast එක සුදානම්...!!!



Chocolate Mug Milkshake






  • Ingredients :
  1. චොකලට් අයිස් ක්‍රීම් කෝප්ප 4 ක්
  2. ප්ලේන් කිරි කෝප්ප 2 ක්
  3. දුඹුරු සීනි කෝප්ප 1/4 ක්
  4. සුදු සීනි කෝප්ප 1/4 ක්
  5. කුරුදු කුඩු කෝප්ප 1/4 ක්
  6. වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 2 ක්
  7. චෙරි ගෙඩි 2 ක්

  • Method :
සියළුම ද්‍රව්‍ය එකට ගෙන (වැනිලා අයිස් ක්‍රීම් හැර ) බේලෙන්ඩ් කරන්න උකු ද්‍රවයක් වන තුරු හොදින් බේලෙන්ඩ් කරන්න.පසුව එය ගෙන විදුරුවක් ගෙන එයට බේලෙන්ඩ් කරගත් මිශ්‍රණය දමා ගන්න.වැනිලා අයිස් ස්කූප් එය උඩින් දමා ගන්න.ඔබේ Chocolate Mug Milkshake සුදානම්...!!!



Iced Coffee With Chocolate





  • Ingredients :
  1. උණු වතුර කෝප්ප 1/2 ක්
  2. නෙස්කැෆේ කෝපි කුඩු තේ හැදි 2 ක්
  3. අයිස් කැට 
  4. මිල්ක් මේඩ් ටින් 1/2 ක්
  5. ප්ලේන් කිරි කෝප්ප 1/2 ක්
  6. චොකලට් සිරප් මේස හැදි 1 ක්
  7. වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 1 ක්

  • Method :
උණු වතුර,නෙස්කැෆේ,අයිස් කැට,මිල්ක් මේඩ් සහ කිරි දමා බේලෙන්ඩර් එකට දමා බේලෙන්ඩ් කර ගන්න.පසුව වීදුරුවක් ගෙන බේලෙන්ඩ් කර ගත් මිශ්‍රණය දමා ගන්න පසුව එයට අයිස් ක්‍රීම් දමා ගන්න අයිස් ක්‍රීම් එක උඩින් චොකලට් සිරප් දමා ගන්න.



Coffee Cups With Chocolate Sauce




  • Ingredients :
For Pudding
  1. මිල්ක් මේඩ් ටින් 3/4 ක්
  2. කෝපි කුඩු මේස හැදි 1 ක්
  3. වතුර කෝප්ප 2 ක්
  4. රුලං කෝප්ප 1/2 ක්
  5. කජු ටිකක්
For Sauce
  1. මිල්ක් මේඩ් 1/4 ක්
  2. වතුර කෝප්ප 1/4 ක්
  3. ප්ලේන් කිරි කෝප්ප 1/4 ක්
  4. බටර් මේස හැදි 2 ක්
  5. කොකෝ පවුඩර් මේස හැදි 3 ක්

  • Pudding Method :
බදුනක් ලිප තබා එයට කජු හැර සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න මද ගින්නේ ඝන මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරන්න.පසුව එම මිශ්‍රණය බාගෙන ජෙලි කොප්ප වලට දමා සිසිල් වෙන්නට හරින්න.

  • Sauce Method :
බදුනක් මද ගින්නේ ලිප තබා එයට සෝස් එක සදහා වු සියළුම ද්‍රව්‍ය දමා හොදින් මිශ්‍ර කර ගන්න උකු මිශ්‍රණයක් වනතුරු හොදින් මිශ්‍ර කරගන්න.එසේ සකස් කර ගත් මිශ්‍රණය බාගන්න.චොක්ලට් සෝස් එක සුදානම්.

දැන් මුලින් සකස් කර ගත් පසු පුඩින් එක උඩට චොක්ලට් සෝස් එක උඩින් දමන්න වැක්කෙරෙන්න.පසුව එය උඩට කජු ඉසින්න.ඔබේ Coffee Cups With Chocolate Sauce එක සූදානම්...!!!



MUSHROOM STIR-FRY




  • Ingredients :
  1. පිරිසිදු කර පෙති කපා ගත් හතු පැකට් 1 ක්
  2. ළූණු ගෙඩියක් කපා
  3. පොඩියට කපා ගත් මාළු මිරිස් ගෙඩි 2 ක්
  4. අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2 ක්
  5. අඹරා ගත් සුදුළූණු තේ හැදි 1/2 ක්
  6. රස අනුව ලුණු
  7. අමු කුඩු තේ හැදි 1 ක්
  8. සෝයා සෝස් තේ හැදි 1 ක්
  9. කෑලි මිරිස් තේ හැදි 1 ක්
  10. මාජරින් ටිකක්
  11. කපා ගත් තක්කාලි ගෙඩියක්

  • Method :
මුලින්ම බදුනක් ලිප තබා එයට මාජරින් මේස හැන්දක් දමා රත් වු පසු එයට ළූණු දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව එයට සුදුළූණු,ඉගුරු සහ මාළු මිරිස් එකතු කර හොදින් පිස ගන්න.ටික වේලාවකින් එයට හතු එකතු කර හොදින් බැද ගන්න.පසුව එයට අමු කුඩු,සෝයා සෝස් සහ කෑලි මිරිස් එකතු කර හොදින් පිස ගන්න.ටික වේලාවකින් තක්කාලි එකතු කරන්න.වතුර කිසිසේත් එකතු කරන්නෙපා හතු වල අවශ්‍ය ප්‍රමාණයට වතුර ඇත.වතුර හිදුන පසු බාගන්න.ඔබේ MUSHROOM STIR-FRY සූදානම්...!!!!