- Ingredients :
- අඹරා ගත් කුකුළු මස් 250g
- සුදුළුණු බික් එකක් පොඩියට කපා
- ඉගුරු අඹරා තේහැදි 1/2 ක්
- තිරිගු පිටි තේ හැදි 2 ක්
- බීට් කරගත් බිත්තර සුදු මද එකක්
- පාන් පෙති 6 ක්
- තල ඇට කෝප්ප 1/4 ක්
- තෙල් බැදිමට අවශ්‍ය පමණ
- Method :
බදුනක් ගෙන එයට කුකුළු මස්,ඉගුරු,සුදුළුණු සහ බිත්තර සුදු මදය එක්කර හොදින් කලවම් කරන්න පසෙක තබන්න.
පාන් වාටි කපා ත්‍රිකෝණ ආකාරයට කපා ගන්න.
පාන් පෙති වලට සකස් කර ගත් කුකුළු මස් මිශ්‍රණය හොදින් ගා ගන්න.පසුව එය මතට අනෙක් පෙත්ත තබා එය මතට තල ඇට ඉසින්න.එසේ සියළුම පාන් පෙති සකස් කර ගන්න.
දැන් බදුනක් ලිප තබා එයට තෙල් දමා සකස් කරගත් පාන් ටික රන්වන් පැහැය වනසේ ටෝස්ට් කර ගන්න.ඔබේ sesame seed chicken toast එක සූදානම්...!!!!