Saturday, January 9, 2016

Bread Upma






  • Ingredients :
  1. පොඩියට කපා ගත් පාන් කැබලි කෝප්ප 3 ක්
  2. තෙල් මේසහැන්දි 2 ක්
  3. අබ තේ හැන්දි 1 ක්
  4. සූදුරු තේ හැන්දි 1/2 ක්
  5. පොඩියට කපා ගත් ළූනු ගෙඩි කෝප්ප 1/2 ක්
  6. අමු මිරිස් කරලක් පොඩියට කපා
  7. අඹරා ගත් ඉගුරු තේහැන්දි 1 ක්
  8. කරපිංචා කොළ 6-7 ක්
  9. පෙරුම්කායම් (ගම්මිරිස් ඇටයක් තරමට)
  10. පොඩියට කපා ගත් කොත්තමල්ලී කොළ මේසහැදි 1 ක්
  11. පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2 ක්
  12. කහ කුඩු තේහැදි 1/4 ක්
  13. මිරිස් කුඩු තේහැන්දි 1/4 ක්

  • Method :

බදුනක් ලිප තබා එයට තෙල් දමා රත්වෙන්නට හැර පසුව එයට අබ දමන්න.පසුව සූදුරු එකතු කරන්න හොදින් රන්වන් පැහැය වනතුරු බැදගන්න පසුව එයට ළූණු එකතු කරන්න.පසුව එයට අමු මිරිස් එකතු කරන්න එයටම කරපිංචා සහ ඉගුරු එකතු කර 10-12 තප්පරයක් හොදින් පිස ගන්න.පසුව එයට තක්කාලි එකතු කරන්න එයටම කහ සහ මිරිස් කුඩු එකතු කරන්න.පසුව එයටම පෙරුම්කායම් එකතු කරන්න.පසුව එයට පාන් එකතු කර විනඩි 4-5 ක් පිස ගන්න.පසුව එය උඩට කොත්තමල්ලී කොළ දමන්න.ඔබේ බ්‍රේඩ් උප්මා සූදානම්...!!!!




No comments:

Post a Comment