- Ingredients :
- බාස්මති කෝප්ප 3 ක්
- එළු මස් පොඩියට කපා 1 kg
- අමු මිරිස් කරල් 4 ක් ලොකුවට කපා
- එනසාල් 6 ක්
- සුදුළූණු බික් 5 ක්
- ඉගුරු පොඩි කෑලි 4 ක්
- කුරුදු පොතු 4 ක්
- කරාඹුනැටි 5 ක්
- ගම්මිරිස් ඇට 25 g
- ස්ටර් අනියන්ස් 3 ක්
- සුදුරු මේස හැදි 2 ක්
- ළූණු ගෙඩි 3 ක් පොඩියට කපා
- කොත්තමල්ලී කොළ 100g
- මින්ට් කොළ 100g
- දුන්තෙල්
- කහ ස්වල්පයක්
- ලුණු රස අනුව
- යෝගට් මේසහැදි 2 ක්
- වතුර කෝප්ප 1 ක්
- Method :
මුලින්ම සහල් ටික ගෙන එය හොදින් සෝදා විනඩි 30ක් වතුරේ පෙගෙන්නට හරින්න.
ඒ අතරතුර වන්ගෙඩිය ගෙන එයට කුරුදු,එනසාල්,කරාබුනැටි,ඉගුරු සහ සුදුළූණු එකට දමා හොදින් කොටා ගන්න.පසුව බදුනක් ලිප තබා එයට දුන්තෙල් දමා එයට ළූණු දමා හොදින් තෙම්පරාදු කර ගන්න.පසුව එයට කොටා ගත් මසාලා ටික දමා නැවත හොදින් තෙම්පරාදු කර එයට මස් ටිම එකතු කර හොදින් කවලම් කර ගන්න පසුව එයට මින්ට් කොළ සහ කොත්තමල්ලී කොළ දමන්න.පසුව එයට යෝගට් සහ වතුර දමන්න පසුව පැයක් පිස ගන්න.
මස් ටික තැම්බෙන අතර තුර නැවත බදුනක් ලිප තබා එයට වතුර වීදුරු 3 ක් දමන්න .එයට සූදුරු,ස්ටර් අනියන්ස්,කහ,ලුණු සහ ගම්මිරිස් ඇට දමා වතුර උතුරන විට එයට පෙගුන සහල් දමා විනඩි 10ක් පිස ගන්න.පසුව එහි වතුර බේරා ගන්න.
දැන් මස් තැන්බී ඇද්ද පරික්ෂා කර එම මස් මිශ්රණයට බත් අතුරන්න එසේම එය මතට මින්ට් සහ කොත්තමල්ලී කොළ එකතු කර එය විනාඩි 8-10ත් හොදින් පිස ගන්න.ඔබේ මටන් බිරියානි එක සූදානම්...!!!
No comments:
Post a Comment