Sunday, October 25, 2015

Triple Layered Mousse – Dark Chocolate, Mango, White Chocolate ( Quick And Easy )



  • Ingredients :
For Chocolate Mousse ;
  1. විපින් ක්‍රීම් 150 ml
  2. ඩාර්ක් චොක්ලට් 75 g
  3. කුඩු කරගත් සීනි මේස හැදි 3 ක්
For Mango Mousse ;
  1. අඹ හොදින් බේලෙඩ් කර කිසිවක් මිශ්‍ර නොකර 100 ml
  2. විපින් ක්‍රීම් 100 ml
  3. කුඩු කරගත් සීනි මේස හැදි 2 ක්
  4. පැහැයෙන් තොර සන්ජවු 2 g
For White Chocolate Mousse ;
  1. විපින් ක්‍රීම් 150 ml
  2. සුදු චොක්ලට් 75  g
  3. කුඩු කර ගත් සීනි මේස හැදි 3 ක්

  • Method :
For Chocolate Mousse Method ;
           මුලින්ම වතුර එකක් ලිප තබා එය රත් වන විට එය උඩින් ඩාර්ක් චොක්ලට් බදුන තබා චොක්ලට් උණු කර ගන්න හොදින් එසේ හොදින් චොක්ලට් දිය වු පසු එය බාගන්න.වෙනම බදුනක් ගෙන විපින් ක්‍රීම් සහ කුඩු කර ගත් සීනි එකතු කර පෙන එනතුරු බීට් කරගන්න.පසුව එයට දිය කරගත් චොක්ලට් මිශ්‍රණය එකතු කරන්න.නැවත පෙන එනතුරු හොදින් බීට් කරගන්න.

For Mango Mousse ;
              මුලින්ම ඔබ සන්ජවු ටික ගෙන එයට උණු වතුර ටිකක් දමා පිපෙන්නට හරින්න.පසුව නැවත විපින් ක්‍රීම් සහ කුඩු කරගත් සීනී එකට දමා හොදින් බීට් කර ගන්න.පසුව  පිපෙන්නට තැබූ සන්ජවු එක සෝස්පෑන් එකක් ලිප තබා එයට දමා දිය වනතුරු පිස ගන්න පසුව එම මිශ්‍රණය අඹ මිශ්‍රණයට එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.පසුව එම අඹ මිශ්‍රණය බීට් කරගත් විපින් ක්‍රීම් එකට දමා හොදින් බීට් කර ගන්න.


  • For White Chocolate Mousse ;
ඩාර්ක් චොක්ලට් උණු කරගත් ආකාරයටම වයිට් චොක්ලට් එකත් හොදින් දිය කර ගන්න එය පසෙක තබන්න දිය කරගත් පසු.විපින් ක්‍රීම් සහ කුඩු කර ගත් සීනී එකතු කර හොදින් බීට් කර ගන්න පෙන එන තෙක් බීට් කර ගන්න.පසුව එයට දියකරගත් වයිට් චොක්ලට් එකතු කර බීට් කර ගන්න.

  • Triple Layered Mousse Method :
                  අයිසිං බෑග් 3 ක් ගෙන එයට සකස් කරගත් මූස් වර්ග 3 වෙන වෙනම අසුර ගන්න.පසුව වීදුරු කෝප්පයක් ගෙන පළමුව ඩාර්ක් චොක්ලට් මිශ්‍රණය දමා ගන්න.එයට උඩින් මැන්ගො මූස් එක දමන්න.පසුව වයිට් චොක්ලට් එක දමා ගන්න.පසුව එය පැය 2-3 ක් ශීතකරණයේ තබන්න.ඔබේ මූස් එක සූදානම්....!!!!


Cake Without Baking




  • Ingredients :
  1. තිරිගු පිටි කෝප්ප 1 ක්
  2. සීනි කුඩු කර කෝප්ප 3/4 ක්
  3. බිත්තර 2 ක්
  4. සන්ෆ්ලවර් තෙල් කෝප්ප 1/2 ක්
  5. බේකින් පවුඩර් මේස හැදි 1/2 ක්
  6. වැනිලා එසන්ස් තේ හැදි 1 ක්
  7. වැලි ටිකක්

  • Method :
සියළුම ද්‍රව්‍ය (වැලි හැර)  එකට දමා හොදින් බීට් කර ගන්න ක්‍රීම් එකක් වනතුරු බීට් කර ගන්න.පසුව රොටි තැටියක් ලිප තබා එයට වැලි ටික අතුරන්න.එය රත් වන්නට හරින්න.පසුව රවුම් කේක් තැටියක් හෝ සිල්වර් බදුනක් ගෙන එයට සන්ෆවර් තෙල් හොදින් ගා ගන්න.පසුව එයට බීට් කරගත් මිශ්‍රණය එකතු කරන්න.පසුව රත් වු වැලි සහිත රොටි තැටිය මත තබන්න.පැයක් හොදින් පුළුස්සන්න.එසේ පිළිස්සුන පසු බාගන්න.ඔබේ කේක් එක සූදානම්....!!!!


Butter Garlic Naans Without Oven and Tandoor



  • Ingredients :
  1. පේලේන් පිටි කෝප්ප 2 ක්
  2. මිශ්‍ර කිරිමට අවශ්‍ය පමණ උණු වතුර
  3. යීස්ට් මේස හැදි 1/2 ක්
  4. සීනි මේස හැදි 1 ක්
  5. තෙල් මේස හැදි 1 ක්
  6. රස අනුව ලුණු
  7. සුදුළූණු කෝප්ප 1/3 ක් (බාගයක් අඹරා සහ බාගයක් ග්‍රේට් කර)
  8. පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ මේස හැදි 3 ක්
  9. බටර් ගා ගැනීමට අවශ්‍ය පමණ

  • Method :
මුලින්ම බදුනක් ගෙන එයට වතුර ටිකක්,යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කර එය පසක තබා වෙනම බදුනක් ගෙන පිටි,ලුණු,යීස්ට්  මිශ්‍රණය සහ තෙල් එකතු කර එයට උණුවතුර කෝප්ප 3/4 ක්  එකතු කර හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එකක් සදා ගන්න.එසේ සකස් කරගත් ඩෝග් එක රෙද්දකින් වසා පැයක් තබන්න.
             පැයකින් පසුව මේසය උඩට ගෙන සුමුදු මිශ්‍රණයක් වන තෙක් රබර් එකක් සේ ඇද ඇද හොදින් මිශ්‍ර කරන්න ඩෝග් එක සුමුදු කරන්න.
                    පසුව ඩොග් එකෙන් කොටසක් ගෙන හොදින් රවුම් කර එක මේසය උඩ තබා පැතලි කර පසුව එයට අඹරා ගත් ගත් සුදුළූණු සහ පොඩියට කපා ගත් කොත්තමල්ලි කොළ හොදින් ගා ගන්න.එසේ ගා ගත් පසු එයටම බටර් ගා ගන්න.
                    රොටි තැටියක් ලිප තබා එයට සකස් කර ගත් රොටියේ බටර් ගා ගත් පෙදෙස දමන්න එය පිම්බෙයි එවිට එය ගෑස් උදුනේ ගින්දරින් පොඩ්ඩක් පුච්චන්න.



             පසුව අනෙක් පෙදෙස හරවා බටර් ගා එයත් පිපෙන විට පුච්චන්න.පසුව බා ගත් පසුත් බටර් ගා ගන්න.ඔබේ නාන් රොටිය සූදානම්...!!!




Saturday, October 24, 2015

Sweet Lassi




  • Ingredients :
  1. යෝගට් කෝප්ප 1 ක්
  2. අයිස් වතුර කෝප්ප 1 ක්
  3. රස අනුව සීනී
  4. රෝස් වෝටර් තේ හැදි 1 ක්
  5. එනසාල් කුඩු පොඩ්ඩක් (pinch)


  • Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කරන්න.උකු මිශ්‍රණයක් වු විට එය උස වීදුරුවක දමා පිලිගන්වන්න.ඔබේ Sweet Lassi සූදානම්...!!!!




Chicken Stir Fry





  • Ingredients :
  1. කටු රහිත කුකුළු මස් පොඩියට කපා කෝප්ප 1 ක්
  2. අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු මේස හැදි 1ක බැගින්
  3. ගරම් මසාලා තේ හැදි 1 ක්
  4. ඉරිගු පිටි තේ හැදි 2 ක්
  5. මිරිස් කුඩු මේස හැදි 2 ක්
  6. කහ කුඩු තේ හැදි 1 ක්
  7. මහදුරු කුඩු තේ හැදි 1 1/2 ක්
  8. දෙහි යුෂ තේ හැදි 2 ක්
  9. රස අනුව ලුණු
  10. රතු පාට කලරින් පොඩ්ඩක්
  11. තෙල් මේස හැදි 3 ක්
  12. බෙල් පෙපර් ගෙඩියක් පොඩියට කපා
  13. ලොකු ළූණු ගෙඩියක් පොඩියට කපා

  • Method :
බදුනක් ගෙන තෙල්,බෙල් පෙපර් සහ ළූණු හැර සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න එම මස් මිශ්‍රණය ශිතකරණයේ පැයක් තබන්න.පසුව බදුනක් ලිප තබා එයට තෙල් දමා එයට ළූණු,බෙල් පෙපර් දමා ටික වේලාවක් බැද ගන්න.පසුව මස් ටික එකතු කර හොදින් පිස ගන්න.මස් හොදින් පිසුන පසුව බාගන්න.මෙය වඩාත් රසවත් පාන් සමග කන විට.ඔබේ Chicken Stir Fry සූදානම්...!!!



Peanut Chikki





  • Ingredients :
  1. රට කජු කෝප්ප 1 ක්
  2. සීනි කෝප්ප 3/4 ක්
  3. එනසාල් කුඩු තේ හැදි 1/4 ක්

  • Method:
සීනි ටික ලිප තබා සිරප් වනතුරු හොදින් දිය කර ගන්න සීනි සිරප් එක මී පැනි පාටට ආව පසු එයට රට කජු සහ එනසාල් කුඩු එකතු කරන්න.පසුව එය විගස බාගන්න එම මිශ්‍රණය ට්‍රේ එකකට 3cm උසට හිටින සේ මිශ්‍රණය අතුර ගන්න.අතුර ගත් පසු එය කපා ගන්න.පසුව සිසිල් වෙන්නට හැර කෑලි වෙන් කර ගන්න.



Indian-style Pasta


  • Ingredients :
  1. පාස්තා කෝප්ප 1 ක්
  2. වතුර කෝප්ප 3 ක්
  3. සිහින්ව කපා ගත් ළූණු කෝප්ප 1/4 ක්
  4. සිහින්ව කපා ගත් තක්කාලි කෝප්ප 1/4 ක්
  5. අඹරා ගත් සුදුළූණු සහ ඉගුරු තේ හැදි 1 බැගින්
  6. අමු මිරිස් කරලක් පොඩියට කපා
  7. මිරිස් කුඩු තේ හැදි 1 ක්
  8. චිලි සෝස් තේ හැදි 1 ක්
  9. ගරම් මසාලා තේ හැදි 1/4 ක්
  10. තිරිගු පිටි මේස හැදි 1 ක්
  11. ප්ලේන් කිරි මේස හැදි  3 ක්
  12. තෙල් මේස හැදි 2 ක්
  13. රස අනුව ලුණු
  14. කොත්තමල්ලී කොළ කිහිපයක්

  • Method :
බදුනක් ලිප තබා එයට් වතුර කෝප්ප 3 දමා එය හොදින් උතුරන්න දෙන්න එය උතුරන විට පාස්තා ටික එකතු කරන්න.එය හොදින් පිස ගන්න එය හොදින් සුමුදු වු පසු එය බාගෙන හොදින් පෙරා ගන්න.එය පෙරෙන්නට හැර වෙනම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත් වන්නට හැර එයට ළූණු,සුදුළූණු,ඉගුරු සහ අමු මිරිස් රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව තිරිගු පිටි එකතු කර විනාඩියක් පිස ගෙන එයටම තක්කාලි,කිරි,මිරිස් කුඩු,ගරම් මසාලා,ලුණු සහ චිලි සෝස් එකතු කර නැවත පිස ගන්න.ටික වේලාවකින් පාස්තා එකතු කරන්න හොදින් මිශ්‍ර කරන්න විනාඩියක්.පාස්ත එක ලිපෙන් බාගෙන පිගානකට දමා එය උඩට කොත්තමල්ලී කොළ වලින් සරස ගන්න.ඔබේ පාස්තා එක සුදානම්...!!!