Monday, January 11, 2016

Easy And Quick Mutton Biriyani




  • Ingredients :
  1. බාස්මති කෝප්ප 3 ක්
  2. එළු මස් පොඩියට කපා 1 kg
  3. අමු මිරිස් කරල් 4 ක් ලොකුවට කපා
  4. එනසාල් 6 ක්
  5. සුදුළූණු බික් 5 ක්
  6. ඉගුරු පොඩි කෑලි 4 ක්
  7. කුරුදු පොතු 4 ක්
  8. කරාඹුනැටි 5 ක්
  9. ගම්මිරිස් ඇට 25 g
  10. ස්ටර් අනියන්ස් 3 ක්
  11. සුදුරු මේස හැදි 2 ක්
  12. ළූණු ගෙඩි 3 ක් පොඩියට කපා
  13. කොත්තමල්ලී කොළ 100g
  14. මින්ට් කොළ 100g
  15. දුන්තෙල් 
  16. කහ ස්වල්පයක්
  17. ලුණු රස අනුව
  18. යෝගට් මේසහැදි 2 ක්
  19. වතුර කෝප්ප 1 ක්

  • Method :

මුලින්ම සහල් ටික ගෙන එය හොදින් සෝදා විනඩි 30ක් වතුරේ පෙගෙන්නට හරින්න.
           ඒ අතරතුර වන්ගෙඩිය ගෙන එයට කුරුදු,එනසාල්,කරාබුනැටි,ඉගුරු සහ සුදුළූණු එකට දමා හොදින් කොටා ගන්න.පසුව බදුනක් ලිප තබා එයට දුන්තෙල් දමා එයට ළූණු දමා හොදින් තෙම්පරාදු කර ගන්න.පසුව එයට කොටා ගත් මසාලා ටික දමා නැවත හොදින් තෙම්පරාදු කර එයට මස් ටිම එකතු කර හොදින් කවලම් කර ගන්න පසුව එයට මින්ට් කොළ සහ කොත්තමල්ලී කොළ දමන්න.පසුව එයට යෝගට් සහ වතුර දමන්න පසුව පැයක් පිස ගන්න.
      මස් ටික තැම්බෙන අතර තුර නැවත බදුනක් ලිප තබා එයට වතුර වීදුරු 3 ක් දමන්න .එයට සූදුරු,ස්ටර් අනියන්ස්,කහ,ලුණු සහ ගම්මිරිස් ඇට දමා වතුර උතුරන විට එයට පෙගුන සහල් දමා විනඩි 10ක් පිස ගන්න.පසුව එහි වතුර බේරා ගන්න.
         දැන් මස් තැන්බී ඇද්ද පරික්ෂා කර එම මස් මිශ්‍රණයට බත් අතුරන්න එසේම එය මතට මින්ට් සහ කොත්තමල්ලී කොළ එකතු කර එය විනාඩි 8-10ත් හොදින් පිස ගන්න.ඔබේ මටන් බිරියානි එක සූදානම්...!!!



Saturday, January 9, 2016

Sesame seeds Chicken toast





  • Ingredients :
  1. අඹරා ගත් කුකුළු මස් 250g
  2. සුදුළුණු බික් එකක් පොඩියට කපා
  3. ඉගුරු අඹරා තේහැදි 1/2 ක්
  4. තිරිගු පිටි තේ හැදි 2 ක්
  5. බීට් කරගත් බිත්තර සුදු මද එකක්
  6. පාන් පෙති 6 ක්
  7. තල ඇට කෝප්ප 1/4 ක්
  8. තෙල් බැදිමට අවශ්‍ය පමණ

  • Method : 
බදුනක් ගෙන එයට කුකුළු මස්,ඉගුරු,සුදුළුණු සහ බිත්තර සුදු මදය එක්කර හොදින් කලවම් කරන්න පසෙක තබන්න.
        
   පාන් වාටි කපා ත්‍රිකෝණ ආකාරයට කපා ගන්න.

පාන් පෙති වලට සකස් කර ගත් කුකුළු මස් මිශ්‍රණය හොදින් ගා ගන්න.පසුව එය මතට අනෙක් පෙත්ත තබා එය මතට තල ඇට ඉසින්න.එසේ සියළුම පාන් පෙති සකස් කර ගන්න.

දැන් බදුනක් ලිප තබා එයට තෙල් දමා සකස් කරගත් පාන් ටික රන්වන් පැහැය වනසේ ටෝස්ට් කර ගන්න.ඔබේ sesame seed chicken toast එක සූදානම්...!!!!




               

Bread Upma






  • Ingredients :
  1. පොඩියට කපා ගත් පාන් කැබලි කෝප්ප 3 ක්
  2. තෙල් මේසහැන්දි 2 ක්
  3. අබ තේ හැන්දි 1 ක්
  4. සූදුරු තේ හැන්දි 1/2 ක්
  5. පොඩියට කපා ගත් ළූනු ගෙඩි කෝප්ප 1/2 ක්
  6. අමු මිරිස් කරලක් පොඩියට කපා
  7. අඹරා ගත් ඉගුරු තේහැන්දි 1 ක්
  8. කරපිංචා කොළ 6-7 ක්
  9. පෙරුම්කායම් (ගම්මිරිස් ඇටයක් තරමට)
  10. පොඩියට කපා ගත් කොත්තමල්ලී කොළ මේසහැදි 1 ක්
  11. පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2 ක්
  12. කහ කුඩු තේහැදි 1/4 ක්
  13. මිරිස් කුඩු තේහැන්දි 1/4 ක්

  • Method :

බදුනක් ලිප තබා එයට තෙල් දමා රත්වෙන්නට හැර පසුව එයට අබ දමන්න.පසුව සූදුරු එකතු කරන්න හොදින් රන්වන් පැහැය වනතුරු බැදගන්න පසුව එයට ළූණු එකතු කරන්න.පසුව එයට අමු මිරිස් එකතු කරන්න එයටම කරපිංචා සහ ඉගුරු එකතු කර 10-12 තප්පරයක් හොදින් පිස ගන්න.පසුව එයට තක්කාලි එකතු කරන්න එයටම කහ සහ මිරිස් කුඩු එකතු කරන්න.පසුව එයටම පෙරුම්කායම් එකතු කරන්න.පසුව එයට පාන් එකතු කර විනඩි 4-5 ක් පිස ගන්න.පසුව එය උඩට කොත්තමල්ලී කොළ දමන්න.ඔබේ බ්‍රේඩ් උප්මා සූදානම්...!!!!




Friday, January 8, 2016

20 Minutes Poke Pan Fry




  • Ingredients :
  1. පොඩියට කපා ගත් ඌරු මස් 500g
  2. ප්ලේන් පිටි මේසහැදි 1 ක්
  3. වේලුණු රෝස්මරි තේ හැදි 2 ක්
  4. ඔලිව් ඔයිල් මේස හැදි 3 ක්
  5. පෙති කපා ගත් හතු 250 g
  6. පොඩියට අඹරා ගත් සුදුළූණු බික් 1 ක්
  7. එළවළු ස්ටොක් 300 ml
  8. රස අනුව ලුණු සහ ගම්මිරිස්

  • Method : 
මුලින්ම පිටි ටික ගෙන එයට රෝස්මරි,ලුණු සහ ගම්මිරිස් එකතු කර හොදින් කලවම් කර එයට කපා ගත් ඌරු මස් එහි තවර ගන්න.පසුව එය හොදින් කා වදින තුරු තබන්න.
                   පසුව බදුනක් ලිප තබා එයට තෙල් මේසහැදි 2 ක් දමා රත් වෙන්නට හැර එයට මස් ටික දමා හොදින් පිස ෆ්‍රයි කර ගන්න විනාඩි 3-4 ක්.
                    පසුව එයට හතු,සුදුලුණු සහ එලවළු ස්ටොක් එකතු කර හොදින් පිස ගන්න.නැවත ගම්මිරිස් සහ ලුණු රස අනුව එකතු කරන්න.විනාඩි 15 ක් හොදින් පිස ගන්න ඔබේ poke pan fry සුදානම්...!!!!




Creamy Tomato Soup





  • Ingredients :

  1. ඔලිව් ඔයිල් මේසහැන්දි 2 ක්
  2. පොඩියට කපා ගත් ළූණු ගෙඩි 1 ක්
  3. අඹරා ගත් සුදුළූණු ගෙඩි 1 ක්
  4. හාල් පිටි මේස හැදි 2 ක්
  5. ක්‍රෂ් තක්කාලි සමග යුෂ කෑන් 1 ක් (crash tomato and juice can සුපර් මර්කට් වල ඇත.)
  6. පොඩියට කපා ගත් කුකුළු මස් කෝප්ප 1 1/2 ක්
  7. හෙවි ක්‍රීම් කෝප්ප 1 1/2 ක්
  8. රස අනුව ලුණු සහ ගම්මිරිස්

  • Method :
බදුනක් ලිප තබා එයට ඔලිව් ඔයිල් දමා මද රස්නේ වනතුරු රත් කරන්න.පසුව එයට ළූණු ටික දම හොදින් පිසගන්න.පසුව එයට සුදුළූණු එකතු කරන්න එය නැවත විනාඩියක් පිසගන්න.පසුව එයට තක්කාලි කෑන් එක එකතු කරන්න.පසුව එයටම පිටි ටික එකතු කරන්න පසුව විනාඩි 3 ක් හොදින් පිස ගන්න.පසුව එයට මස් ටික එකතු කර විනඩි 3 ක් එයපිසගන්න.පසුව පිස ගත් සුප් එක බ්ලෙන්ඩ් කර ගන්න නැවත එය බදුනකට තබා ලිප තබන්න එයට පසුව හෙවි ක්‍රීම් එකතු කරන්න පසුව හොදින් හැදි ගා විනඩි 4-5 ක් මද ගින්න්නේ පිස ගන්න.ඔබේ සුප් එක සුදානම්...!!!