Wednesday, November 4, 2015

රසවත් ඉන් අල හොද්දක්






  • Ingredients :
  1. ඉන් අල 500 g
  2. පොඩියට කපා ගත් තක්කාලි 100 g
  3. අඹරා ගත් ඉගුරු මේස හැන්දක්
  4. අමු මිරිස් කරල් 2-3 පොඩියට කපා
  5. යෝගට් කෝප්ප 1/2 ක්
  6. විපින් ක්‍රීම් මේස හැදි 2 ක්
  7. වතුර කෝප්ප 2 ක්
  8. බේ ලිෆ් එකක්
  9. කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
  10. කහ කුඩු තේ හැදි 1/4 ක්
  11. මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  12. ගී (ghee) මේස හැන්දි 3 ක්
  13. රස අනුව ලුණු
Special Spice Powder :
  1. උළුහාල් තේ හැදි 1/2 ක්
  2. කරාබුනැටි 4 ක්
  3. මහදුරු තේ හැදි 2 ක්
  4. එනසාල් 3-4 ක්
  5. සූදුරු තේ හැදි 2 ක්

  • Method :


Special Spice Powder :

මුලින්ම සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩ් කරන්න.හොදින් කුඩු කරන්න.

ඉන් අල හොද්ද :

මුලින්ම අල ටික සුද්ද කර එය දෙකට කපා ගන්න පසුව වතුර දමා හොදින් තම්බා ගන්න.පසුව බදුනක් ලිප තබා එයට ගී (ghee) එකතු කර එය රත් වු පසු එයට බේ ලිෆ් එක දමන්න.පසුව එයටම ඉගුරු එකතු කරන්න.ටික වේලාවකින් තක්කාලි සහ සාදාගත් spice කුඩු එක එකතු කරන්න.පසුව යෝගට් එකතු කර නැවත පිස ගන්න.පසුව කොත්තමල්ලී කුඩු,මිරිස් කුඩු සහ කහ එකතු කරන්න විනාඩි කිහිපයක් පිස ගන්න.පසුව අල එකතු කර හොදින් විනාඩි කිහිපයක් මිශ්‍ර කරන්න පසුව එයට උඩින් අමු මිරිස් එකතු කරන්න.පසුව වතුර එකතු කරන්න.උකු මිශ්‍රණයක් වනතුරු හොදින් පිස ගන්න.ඔබේ ඉන් අල හොද්ද සූදානම්...!!!!!


Chocolate Fudge





  • Ingredients :
  1. කිරි සහිත චොක්ලට් කෝප්ප 1 ක්
  2. මිල්ක් මේඩ් කෝප්ප 2/3 ක්
  3. බටර් මේස හැදි 1 ක්
  4. පොඩියට කඩා ගත් කජු කෝප්ප 1/4 ක්
  5. වැනිලා තේ හැදි 1 ක්
  6. ෆොයිල් කොළයක්

  • Method :

මුලින්ම ඔබ හොදින් චොක්ලට් ටික දිය කරගන්න.පසුව එයට මිල්ක් මේඩ්,වැනිලා සහ බටර් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.පසුව එයට කජු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.පසුව ෆොයිල් කොළයක් බාජනයට දමා එයට චොක්ලට් මිශ්‍රණය දමන්න පසුව කෑලි කපා ගන්න.පසුව එම බදුන ශීතකරණයේ පහල කොටසේ පැය 2-3 ක් තබන්න.පසුව කෑළි කපාගන්න.ඔබේ Chocolate Fudge සූදානම්...!!!




Monday, November 2, 2015

Quick Paneer Tikka




  • Ingredients :
  1. පනීර් කොටුවට කපා 150 g
  2. කොටුවට කපා ගත් මාළුමිරිස් කරල් 2 ක්
  3. තෙල් ටිකක්
  4. අඹරා ගත් සුදුළූණු තේ හැදි 1 ක්
  5. අඹරා ගත් ඉගුරු තේ හැදි 1 ක්
  6. මුං ඇට පිටි තේ හැදි 1 ක්
  7. කහ කුඩු පොඩ්ඩක්
  8. සූදුරු කුඩු තේ හැදි 1/2 ක්
  9. මිරිස් කුඩු තේ හැදි 1/4 ක්
  10. කොත්තමල්ලී කුඩු තේ හැදි 1/4 ක්
  11. මහදුරු කුඩු තේ හැදි 1/4 ක්
  12. ගරම් මසාලා තේ හැදි 1/4 ක්
  13. දෙහි යුෂ තේ හැදි 1 ක්
  14. රස අනුව ලුණු
  15. ටූත් පික් කිහිපයක්

  • Method :
මුලින්ම සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් මිශ්‍ර කරන්න.
පසුව ටූත් පික් ගෙන එයට මාළුමිරිස් කැබල්ලක්,පානීර් කැබල්ලක් සහ මාළුමිරිස් කැබැල්ලක් වන සේ ගසා ගන්න.
බදුනකට ලිප තබා එයට තෙල් දමා එයට සකස් කරගත් ටූත් පික් හොදින් රන්වන් පැහැය වන තුරු බැදගන්න.
තෙල් බේරෙන්න ටිෂු එකට දමා ගන්න.
ඔබේ පනීර් ටික්කා සූදානම්...!!!!